Sunday, August 23, 2015

පොඩි ඡන්ද කථාවක්

බලන්න නංගී, අපේ පෝස්ටර් වහලා. ඊට උඩින් උන්ගේ ඒවා ගහල. මොන මිනිස්සුද මන්ද මේ.......... බ්ලා ......................... බ්ලා................. බ්ලා ..........................

මං හවස්වෙලා ගෙදරට ගොඩවෙද්දිම කුස්සිය පැත්තෙන් ඇහුණු කථාබහ මොකද්ද බලන්න මහන්සිය අමතක කරල මං ඒ දිහාවට ගියා. ළඟ ගෙදරක ඇන්ටි කෙනෙක් අපේ කුස්සියටම ඇවිත් අම්මට විස්තරයක් කියනවා. ඒ ඇන්ටි එක පක්ෂෙක අපේක්ෂකයෙක්ට බැහැලම වැඩ. බැනර් ගහන්න, පෝස්ටර් ගහන්න, කැන්වසින් යන්න ඒ ඇන්ටිට වැඩ ගොඩයි. අඩුම තරමේ ගෙවල්මිදුල් අතුගාගන්නවත් වෙලාවක් නෑ. ඒ තරමටම ඉලෙක්ෂන් වැඩ.

            ඉතින් මං ඇවිත් තියෙන්නේ කවුද කියල කලින්ම අඳුනගත්ත නිසා ආපහු කාමරේ පැත්තට හැරුණා. අපේ අම්මා මේ වගේ කථා වලට වැඩි කැමැත්තක් නෑ. මං දන්නවා තව ටික වෙලාවක් යද්දී අපේ අම්මට යකා නගිනවා කියලා.  ටික වෙලාවකින් ඇන්ටි ගියා.

මොකද්ද අම්මා වෙලා තියෙන්නේ? ***********  ඇන්ටි ගියාද?

ඇති යන්තම් දැන් ගියා. බලන්න පුතේ මගේ වෙලාව පැයක් විතර ඉවර වුණා. මනාප පොරේ. බලන්නකෝ එක ම පක්ෂයක දෙන්නෙක් ගැන තමයි කිව්වේ. ******** ඇන්ටි වැඩ කරන xගේ පෝස්ටර් වලට උඩින් yගේ  අය පෝස්ටර් ගහලා. එයාට වෙන වැඩක් නැද්ද දන්නෑ ඔය චන්ද වැඩ වලිට අනිත් මිනිස්සු එක්ක රණ්ඩුවට යන්න. මට පහන තියන්නත් තියෙනවා.  ඔයා දැන් තේ බොනවාද?

එකම පක්ෂෙ නේද ඉතිං මේ දෙගොල්ලොම.

හ්ම්. මනාප පොරේනේ ඉතිං ඔය

මං නාන්න යනවා අම්මේ. දැන් තේ එපා. නාලා ඉවර වෙලා බොන්නම්.

හිත නිවාගෙන ගලාගෙන යන සීතල වතුරපාර ඇඟේ තිබුණු මහන්සිය බිංදුවක්වත් ඉතිරිනොකර දියකරලම දැම්මා.  ඉතින් මං නාලා ඉවර වෙලා තේ එකක් බිබී එළියට ආවා. ගලාගෙන ආව මඳ අඳුරත් එක්කලා සීතල හුළඟක් හමාගෙන ගියා. ඉර බැහැල නිසා එළියේ තිබුණු හැමදේම කළු පාට හෙවනැලි විදිහට පෙනුනා.

ගේ ඇතුළට එනවා හලෝ සීතලේ මොකද කරන්නේ?
 අපේ නගාතුමී මාව ගෙදරට ඇදන් ආවා. ඒ එක්කම පිරිත් හඬක් ලාවින් ඇහෙන්න පටන්ගෙන ටික ටික සද්දේ වැඩි වුණා.

කොහෙද අනේ ඔය පිරිත් සද්දයක් ඇහෙන්නේ?මං නංගිගෙන් ඇහුවා.

ඇයි ඔයා දන්නැද්ද, මේ සැරේ එග්සෑම් කරන අයියලා ටික  පිරිතක් සංවිධානය කරලා.  ඔයාට නම් සිහියක් නැද්ද ඔච්චරම. ඒ පිරිතට පිරිකර ගන්න කියලා අම්මලත් සල්ලි දුන්නේ. තාත්තත් ගියා කලින්ම.

ඔව් නේ, මට අමතක වුනා.

මෝඩ හිනාවක් දාල මං නංගිට කීවා.

එයා මතක් කරද්දී තමයි මට මතක් වුණේ අපේ ගමේ මේ සැරේ ඒ ලෙවල් එග්සෑම් කරන මල්ලිලා ටික  පිරිතක් සංවිධානය කරල තිබුණා. උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය නිසා අපේ ගමේ බහුතරයක් දෙනා හුඟක් අපහසුතාවලට ලක් වෙලා තිබුණා. නිවාස ඉරිතලලා, වගා බිම් විනාශ වෙලා, ළිං හිඳිලා. ඉතිං ගමට සෙත් පතලා තමයි මේ පිරිත සංවිධානය වෙලා තිබුණේ. මුළු ගමේම අය මේ මල්ලිලාගේ හොඳ කීවා. මේ පෝස්ට් එක දාන්න මං ප්‍රමාද වුනත් ඒඅය කරපු වැඩේ ගුණ සුවඳ හැමදාමත් තියේවි.

දැං ඡන්දෙ ඉවරයි. අනුන්ගේ ඡන්දයක් නිසා තමන් මෙච්චර දවසක් සහයෝගයෙන් ජීවත් වුණු ගමේ උදවියත් එක්ක රණ්ඩු වෙන්න යන එක මෝඩකමක් විදිහටයි මං දකින්නේ.

එකම දවසේ සිදුවුණු මේ සිදුවිම් දෙක ගැන හිතද්දී මට හිතෙන්නේ,

ලෝකය ගෝලාකාරයි.

මිනිස්සු විවිධාකාරයි.



13 comments:

  1. උමා ඔය ව්‍යාපෘතිය නිසා මිනිස්සු හුඟක් අපහසුතාවයන්ට මුහුණපෑවා. ඒ ගැන කතා කරන්න් පුලුවන් මාසයක් වුනත්

    ReplyDelete
    Replies
    1. ඔව්, අපිට කාමත් වතුර නෑ. වතුර බවුසර් එක ආවේ නැත්තන් බොන්නවත් වතුර නෑ. ළිං ඔක්කොම හිඳිලා

      Delete
  2. ඡන්ද කරන මිනිස්සු කොහොම හරි අන්තිමේ ඩීල් දාලා යාළු වෙයි.. ඡන්දේ දෙන මිනිස්සු විරසක වෙලා ලැබෙන දෙයක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත. දැන්වත් මිනිස්සු ඕක තේරුම්ගත්තොත් ඇති.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. උමා ඔය project එක නිසා උන හානිය පිරිත් කියල ගොඩ ද ගන්න බැරි වෙයි.ඕක අමනුස්ස දෝසයක් නිසා උන දෙයක් නෙමේනේ.හැමෝටම සංවිදානය වෙලා හඬක් නගන්න වෙයි.ඕක ගැන කාලයක් කතා කරපු කෙනෙක් හිටියා.අපිත් හිතුවේ මිනිහා ඕක ගැන වැඩක් කරන්න පුළුවන් තැනට යාවි කියල.දැන් ඉතින් ඒවා ඕන නැ.ඕගොල්ලොම මොනා හරි කරන්න බලන්න.

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් පාඩුව අපිට, ඒ පුද්ගලයගේ වටිනාකම කියල නිම කරන්න බෑ.

      Delete
  5. අද දිහා බැලුවාම පේනවා මේ ඩීල් කොච්චර වැඩ කරනව ද කියලා. මේ ච්න්දෙන් මිනිස්සු හොඳ පාඩමක් ඉගෙන ගනීවි. ඒ මොකද පක්ශ විපක්ශ දෙකම අද එකක් වෙන්න නේ යන්නේ. ඔය වැඩේ කරන්නනම් ඡන්දයක් තිබ්බේ මොකට ද කියලා මිනිස්සුන්ට හිතෙන කාලය ලඟ ලඟම එනවා.

    උමා ඔය ප්‍රජෙක්ට් එක ඔයතරන්ම බෑඩ් එකක් ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රොෙජක්ට් එක කරන්නේ මොකටද කියලවත් අපේ ගමේ මිනිස්සු හරියට දන්නේ නෑ. සිද්ධ වෙන හොඳ දෙයක් නම් මම දන්නෙත් නෑ. දැනට අපේ ගමෙන් කොටසක ළිං ඔක්කොම හිඳිලා. කුඹුරු පාළු වෙලා. ගෙවල් බිත්ති ඉරි තලලා.වතුර නම් දෙනවා. අනේ ඉතිං කවද වෙනකන් ඒකත් දෙයිද දන්නෑ.

      Delete
  6. රෑ වෙලා නාන්න එපා යකූ.. පීනස හැදෙයි තව වයසට යනකොට.. වැඩට යන්න කලින් උදේට නාල පලයන්..
    උමා ඔය ප්‍රොජෙක්ට් එකට බැන බැනම කට්ටිය සමන්ත විධ්යාරත්නව ගෙදර යැව්වා නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නම් මහම මහා කැත වැඩක් තමයි. මොන දේ සිද්ධ වුනත් මිනිස්සු හිතව විදිහ වෙනස් කරන්න අමාරුයි.

      Delete
  7. මාත් ආව ඉඩ තියෙන වෙලාවට කතා කියවන්න නමුණුකුලෙන් එහාට එන්නම්කෝ
    ජයවේවා!

    ReplyDelete
  8. ආවට ස්තූතියි, ආයෙම එන්න

    ReplyDelete