Sunday, August 2, 2015

උසස් පෙළට සුභ පැතුම්

මේ ලිපිය ලියන්නේ  මගේ මල්ලියා ගැන. ඇත්තටම එක කුස  උපන් සහෝදරයෙක් මට නැති වුනාට ඊටත් වඩා සමීප ඥාති සහෝදර සහෝදරියෝ රාශියක්ම මට ඉන්නවා. නැන්දලාගේ, මාමලාගේ, ලොකු අම්මලාගේ,  ලොකු තාත්තලාගේ  දුවල පුතාල  මට මගේම අයියලා අක්කලා තරම්ම සමිපයි. අපේ අම්ම එයාගේ පවුලේ බාලයා. තාත්තත් එහෙමයි. ඉතිං අම්මගේ පැත්තෙන් බැලුවත් තාත්තගේ පැත්තෙන් බැලුවත් නංගියි මමයි තමයි පවුලේ බාලයෝ. සංසාරෙක හැටි කියන්නේ, පුංචි කාලේ ඉඳන්ම දඟම දඟ මල්ලියෙක් මට ඕනි වුනත් මට ඉන්නේ හුරතල් නංගියෙක්නේ. එතකොට අඩු මල්ලියෙක් විතරයි. ඒත් මට මල්ලියෙක් ඉන්නවා. එයත් මේ ලඟදී දවසක උපන්දිනේ සැමරුවා. එයාට තමයි මං මේ ලිපිය ලියන්නේ.


ඉතිං මගේ ලෝකේ මල්ලියෙක්ට ඉන්නේ ඔයා. මගේ යාළුවෝ අතරින් ඔයා වෙනස්. මං ඒක කීවම හැමදාම ඔයා හිනාවෙනවා. හැමදාම දැකලා හිනාවෙලා කතාකරලා යන යාළුවෝ වගේ නෙවෙයි ඔයා. මේ ලිපිය කියෙව්වොත් හිනා වෙයි ඔයා. ඇත්තටම ඔයා මගේ තවත් එක යාළුවෙක් විතරක් නෙවෙයි. ඔයා මගේ පුංචි සහෝදරයා.



දැන්නං මගේ දෝස්මුරේ මතක් වෙලා ඔයා පාඩම් කරනවා ඇති, විභාගේ ලඟ නිසා. ඔයා කැම්පස් යන්න ඕනි, අනිවා. ඒක ඔයාට පුළුවන් කියල මං දන්නවා. ඉතිං හොඳට විභාගේ ලියන්න මං ඔයාට වගේම ඔයාගේ යාළුවෝ හැමෝටමත්  සුභ පතනවා. Wish You All The Best And Good Luck !!!

No comments:

Post a Comment