Monday, April 25, 2016

Refresh



කාලෙකින් වැස්සක් වැටිලා
හැමතැනම සිරියාවයි
වටපිටේ දූවිල්ල හේදිලා ගිහින්
මැලවිලා තිබුණු ගස් කොළන් ඔක්කෝටම
අමුතු පණක් ලැබිලා

මෙහෙම ඉඳලා බෑ
පරිසරයත් එක්කම මාත් refresh වෙන්න ඕනේ
පාරේ තිබුණු වතුර වලක් උඩින් පනින ගමන් මං හිතුවා.

බෝඩිමට ආවමයි දැක්කේ,
ගිය සතියේ submit  කරන්න දුන්නු assignment එක

තාම මේසේ උඩ.