Sunday, September 20, 2015

වැස්සට යටින් ඉර පායලා

අද හවස
වැස්සට යටින්
ඉර පායලා
හැමෝම පාට පාට කුඩ ඉහළලා


නරියගේ මඟුල් ගෙදර අදද කොහෙද
මෙහෙට වැස්ස ටිකක් එවනවද?
අවිව නම් තියෙනවා ඇති තරම්


චුට්ටම චුට්ටක් එවන්නම් ඕනිමනම්
අපටත් ටිකයි තියෙන්නේ
මේ වැහි බිංදු සෑහෙන වටිනවා
වතුර නෙවෙයි මේ වහින්නේ


එහෙනම්


මැණික් කැට


ඒ කීවෙ?


 ටිකක් හොඳට බලන්නකෝ
ඉර එළිය වැටිල ඒවා දිළිහෙන ලස්සන......









10 comments:

  1. හම්මෝ.. පායනකොට වැස්ස හොඳයි කියලා හිතෙනවා.. වහිනකොට?

    හි හි.. වැහල පෑයූවා වගේ නෙවෙයි අකලට වට වැස්සක් වගේ පොස්ට් එකක් දකිද්දී.. නංගිලා මේ දවස්වල සෝ බිසී වගේ..නෙහ්?

    ReplyDelete
  2. හික්ස් ඔව් අනේ. මං නං වැස්සට කැමතියි. එක දිගට වහිනකොටත් එපා වෙනවා තමයි.

    ReplyDelete
  3. ඉර එළිය වැටුණු වැහි කැට වගේම පබැඳුමත් ලස්සනයි
    ජයවේවා!

    ReplyDelete
  4. ඉර එලිය තියෙන වෙලාවකට හරි කෙලිං ඒ කියන්නෙ ලම්බාකාරව වැටෙන වැස්සක් දැකල තියේද.. හරි නං වැස්ස යටිං ලල ගියේද
    පොකුරු වැස්ස කියල කියන්නෙ ඒ දැනෙන ලස්සනට ගහන්න කිසි ගස්සනක් ැ බං... මාරයි
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ අපූර්වත්වය අකුරු කරන්න මගේ වචන ලස්සන මදි.

      Delete
  5. මේකට බ්ලොගර් ෆලෝවින් ගැජට් එකක් තිවුණා නම් හොඳ නොවෙද... වැස්ස තමා අපූරු ම දේ ලෝකෙ තියෙන...!!!

    ReplyDelete
  6. අද නම් අපිටත් මේ වගේම තමා.. වැස්සට යටින් ඉර පායලා..

    අදයි මේ පැත්තට ගොඩ වුනේ.. සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ආයෙමත් ගොඩවැදිල යන්න එන්න

      Delete