Sunday, August 2, 2015

පාඩම

සියුම් සීත හිරිගඬු නංවන
සිහින්ව නදදෙන රේඩියෝ ගී රාව
දෑස් බර කරන නිදි දෙව්දුව
බිඳියි මාගේ දැහැන
යොමුවූ කුරුටු ගෑ සටහන් පොතට
තීන්තයෙන් සිරවූ යදම් වලින්
සිරවූ දෑස් පියැවීමට
නිදිදෙව්දුව විදි හී සර ගැලවීමි
දෑස වතුරෙන් තෙමමින්








8 comments:

  1. නිදි දෙව් දුව යන්න ගියා නොකියාම ද?

    ReplyDelete
    Replies
    1. උසස්පෙළ කාලේ පාඩම් කරන්න ට්‍රයි කරපු හැටි මතක් වුණා.

      Delete
  2. කකුල් දෙක වතුර බේසමේ ඔබා ගත්තෙ නෑ....?
    ඉස්සර අපි මැරීගෙන පාඩම් කරන උන්ගෙන් අහන්නෙ කකුක් දෙකේ දිය සෙවෙල් බැඳිලද කියලා...

    ReplyDelete
  3. අපේ නංගි පාඩම් කරනවා දැකල ලීව්වේ.

    ReplyDelete
  4. //තීන්තයෙන් සිරවූ යදම් වලින්// මටත් ඉස්සර අකුරු පෙණුනේ ඔහොමමයි..

    ReplyDelete
  5. විභාග ලියපු හැටි මතක් කරල සතුටු වෙන්න පුළුවන්. ඒත් ආයෙ නම් එපා.

    ReplyDelete