Monday, July 27, 2015

බලු මලකුණ

ස්ථානය :- බස් රථය
වේලාව :- පෙ.ව. 6.40

මම :- අනේ මල්ලී බෙල් එක ගහන්න, ඉක්මනට බහිමු. මට බදුල්ල බස් එක මිස් වෙයි.

මල්ලී :- බලාගෙන බහින්න, ඔතනින් ඉක්මනට අයින් වෙන්න.
අම්මෝ............... ඒ බල්ලෙක් නේද? බලනවා හලෝ දවසම ඉවරයි.

මම :- මල්ලී මං යන්නම් එහෙනම්, ඔයා පරිස්සමට ක්ලාස් එකට යන්න. බුදු සරණයි.

මල්ලී :- හරි හරි පරිස්සමින්,  බලාගෙන පාර පනින්න.

ස්ථානය :- බස් නැවතුම්පොළ
වේලාව :-  පෙ.ව. 6.45

මම :- ගුඩ් මෝනින් අංකල්

කැරලි කොණ්ඩයක් තියෙන,උසඅංකල් :- ගුඩ් මෝනිං  මිස්, දැක්කද පාන්දරම බල්ලෙක්ද කොහෙද , කපුටෝ දහයක් පහලොවක්ම වටවෙලා.

මම :- ඔව් පව් අසරණ සතා. කවුරුත් අයින් කරල නෑනේද, මටත් කැරකිල්ලට වගේ ආවා දැක්ක ගමන්.

කලින් දැකල නැති අත්තම්මා කෙනෙක් :- අපි කාටත් අන්තිමේ ඔය ටික තමයි සිද්ධ වෙන්නේ, අපේ අවසානය කොහොම වෙයිද කව්ද දන්නේ

කැප් එකක් දාන, මිටි අංකල් :- ඔය බල්ලව මං දැකල තියෙනවා කළින් දවසක. මූණ ඉතිරිවෙලා තියෙන නිසා අඳුන ගන්න පුළුවන්, ලස්සන බල්ලෙක්, පව් අසරණ තිරිසනා. අයිතිකාරයෙක් නැද්ද කොහෙද,

මම :- අම්මෝ මම නම් ආයෙත් බලන්න ගියේ නෑ, අයින් කරන්නැද්ද දන්නෑ.

කැප් එකක් දාන, මිටි අංකල් :- ( තරමක ආවේගයෙන් ) අයින් කරන්නේ කවුද මිස්,අයින් කරන්නේ කවුද , දැන් කාලේ කවුද හරියට තමුංගේ රස්සාවවත් කරන්නේ, තාම අටවත් වෙලා නෑනේ, ඊට කළින් වැඩට එන්නේ කවුද, නගර සභාවෙ කට්ටියත් තාම වැඩ පටන්ගෙන නැතිව ඇති.

කැරලි කොණ්ඩයක් තියෙන,උස අංකල් :- ඒක නං ඇත්ත, හරියට රාජකාරි කරන්න පැකිලෙන්නේ, දැන් තියෙන දේශපාලන අතපෙවීම් වැඩි නිසා. නැද්ද මිස්,

මම :- ( මඳ සිනාවක් සමඟ ) අංකල් 6.50 බස් එක ගියාද?

කැප් එකක් දාන, මිටි අංකල් :- තාම නෑනේ, බලන්න ඉතින් වෙලාවට බස් එකක්වත් වැඩ කරනවද මේ රටේ, මනුස්සයෙක් හරියකට රාජකාරි කරනවාද, නෑ, ....................බ්ලා ..........බ්ලා........... ... ..........................................................................................

කැරලි කොණ්ඩයක් තියෙන,උස අංකල් :- ඇත්ත, මිස්ට කතාව ඇත්ත.අද රටේ  හැමතැනම....................බ්ලා ..........බ්ලා.............. ..........................................................................................
වේලාව :- පෙ.ව.6.55
මම :- අංකල් බස් එක ආවා. යමු නේද ??? ( පව් බල්ලා )


කැප් එකක් දාන, මිටි අංකල් :- හ්ම්................. යමු යමු. අසරණ සතා. 





6 comments:

  1. අඳුරට සාප නොකර එක් පහණක්වත් දල්වන එක නේද කල යුත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඒ සිද්ධිය අපි එක එක්කෙනා දැක්කේ හුඟක් වෙනස් කෝණ වලින්, පස්සේ කල්පනා කරද්දී තමයි ඒක තේරුණේ. අඳුරට සාප කරන අයටත් වඩා, අඳුරට ආදරය කරන අය වැඩියි මේ ලෝකේ.

      Delete
  2. ලෝක ස්වභාවය නෙව භාග්‍යා. කවුරුත් අනුන්ට දොස් පවරනව මිස තමන් ආදර්ශයක් වෙන්නෑ. ඔයා සේම එතන හිටිය අය ඔක්කම ගමන් යන්න හිටිය අය. ඉතිං කවුද උදේ පාංදොඩ බලු කුටෙ කර ගහන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.උදේ පාන්දර අපි හමෛා්ම ෆුල් අප්සට් එකේ හිටියේ.

      Delete
  3. අන්තිමට බල්ලා එතනමයි නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්, අපි හැමෝම ඔෆිස් ගියා

      Delete