Monday, June 22, 2015

තරු දෑස්

ලෝකයම නොදැන හිටියත්
හොඳටම දැනං හිටියා ඔයා
ඒත් කොහොමද එහෙම කලේ
ඒ ගැන අහන්න
ඔයා කෝ....................

රෑ දිදුළන
දාහක් තරු කැට අතරේ
මං තාම හොයනවා
මට මතක විදිහට
තරු දෙකක් වාගේ දිලිසෙන
ඔයාගෙ ලොකු ඇස් දෙක
හැමදාමත් හිනාවෙන

ඔයා කියන විදිහට
දෙන්නේ කොහොමද මං
වෙන කාටවත්
මගේ හිත
අරං ගිහින් දුර ඈතට
මටත් හොරෙන්
නොකියම ඔයා...................

57 comments:

  1. මුතු පබළු යැයි මා නිතර රැවටුණු
    තරු ඇස් අග්ගිස්ස එල්ලිලා නොවැටුණු
    ලොකු බෝල කඳුළු කැට දෙකක්
    රිදවූවා මතකයි මසිත ආදරෙන් මිදුනූ..

    ලස්සන සිතුවිල්ලක් නංගී. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. මම බදුලු දිස්ත්‍රික්කයේ විවිධ තැන්වල අවුරුදු දෙකක් සේවය කළා. ඒ කාලේ අහපු කතාවක් මතක්වුණා.

      මූදු ගියෝ ආවෝ - බදුලු ගියෝ නාවෝ.

      අම්මපා තව පොඩ්ඩෙන් ඇත්ත වෙනවා.

      Delete
    2. කෝ මේ ළමයා.. පොඩ්ඩක් ඇවිත් මෙ කියල තියෙන දේවල් වලට ප්‍රතිචාරයක් දක්වල යනවනම් හොඳයි නේද? (නැත්තං මගේ තමයි සායම යන්නේ.. හැක්.)

      Delete
    3. ප්රලමාදයට සමාව භාජනයක දාන්ඩ. ජාලෙට එන්න බැරි වුනා. මේ දවස්වල පුල් බිසී. ස්තූතියි. කවිය ලස්සනයි.

      Delete
    4. ඇස් ටිකක් පේනව හොරයි. එකපාරටම දැක්කේ //කමිය ලස්සනයි// කිව්ව වගේ.. හඳුංපොත කී ගාගෙන ගියා.... හැක්.

      Delete
    5. KMගේ හඳුන්පොතේ සෞඛ්යය ගැන කල්පනා කරල එතුමාගේ අණ පරිදි ආව.
      කවි ලස්සනයි. කමිය ගැන නෝ කමෙන්ට්.
      සුබ පැතුම් !

      Delete
  2. http://kalahitha.blogspot.com/2015/06/no-longer-foster-no-longer-friend.html

    ReplyDelete
  3. කමිය කීව ගිහිං රෙෂ්පට් එක දීල එන්ඩැයි තව ඕං මොන මොනවදෝ වාගයක් !!
    ඒනං මිස් ……
    වැඩේ දිගටම කරගෙන යන්ඩ ඈ … ආය එන්නං !!

    ReplyDelete
    Replies
    1. සතුටට ගහන්න බෝතලයක් කඩමු නැද්ද මචං?
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. බඩු ලෑස්ති..ලගේජස් පැක් !! අනිද්දා ගහමු …

      Delete
    3. ස්තූතියි. ගහන්න යන්න පාර දන්නේ නෑ නේ................................

      Delete
    4. පත්තරේ
      ගුවන්තොටුපල ඉස්සරහා ඉදගෙන ඉන්නවා...මම
      හේමමාලි
      බ්‍රෑන්ඩ් එක?

      Delete
  4. දිගටම ලියපිය. නැත්නං කමියගේ ගලවනවා. ඕ යෑස්.. හැක් හැක්

    ReplyDelete
  5. දිගටම ලියන්නකො බලන්න.සුබ පැතුම්!

    ReplyDelete
  6. එල ද බ්‍රා
    අපි එනවා දිගටම
    පාටියක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. දිගටම එනවා නම්, අනිවා පාටියක් දෙනවා

      Delete
    2. පාටියක් දෙනවා...//
      උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා
      උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. දුප් යන්න.. යකෝ මං කියුවේ අර පොෂ් බුවාල බුවීල මෝස්තරේට කරනව වගේ යන්තං හග් කරන්න කියල.. ඔහොම උම්ම දෙන්න ගියොත් කෙල්ලට අළුතෙන් මුණත්තහඩුවක් හයි කරන්න වෙනවා.. හැක්.

      Delete
  7. කමි ගෙ පාර දිගේ ආවෙ... දිගටම ලියන්න සුබ පැතුම්...

    ReplyDelete
  8. නමුණුකුලින් එහා...හෙහ්....මම උපන්නෙත් බදුල්ලෙ....සුබපැතුම්..ලියමු එහෙනං අපි දිගටම...:)

    ReplyDelete
    Replies
    1. තැන්කූ අයියේ

      Delete
    2. බ්ලොග් වැඩකාරයෙක් වෙන්න බදුල්ලෙ ඉපදීම/කාලයක් වාසය කර තිබීම කෙටි මාර්ගයක්ද මංද. රවි, බුර්, සින්ලූශා මැතිතුමා, KM, විචාරක, අජිත් සහ තව ගොඩක් ඉන්නව. පත්තර අප්පච්චිත් නොහිටපු දිහාක් නැති නිසා ඉන්න ඇති

      Delete
  9. බදුල්ලේ ලස්සන ලෝකෙටම බෙදන්න දුවේ.

    ReplyDelete
    Replies
    1. උත්සහ කරන්නම්. ස්තූතියි

      Delete
    2. දුවේ...
      කට කට...කට
      නංගි..නංගි..

      Delete
    3. ඔව්වොව්.. නැත්තං ඔයැයිට කියන පුරුද්දට අපිටත් මෙයා අංකල් අංකල් කියයි.. හැක්.

      Delete
    4. අනේද මගෙ කට

      Delete
    5. හි හී
      අයියලාට අංකල් කියන්නත් පුළුවනි.
      අංකල්ලට අයිය කියන්නත් පුළුවනි

      Delete
  10. කමියගේ පාරදිගේ ආවේ , දිගටම ලියන්න සුබ පැතුම්

    ReplyDelete
  11. දිගු ගමනකට සුභ පැතුම්! බදුල්ල ගැනත් ලියන්න. මොකද ඔය කළණයා, ඉවානයා හිටියට උන්ගෙ පැති ගැන වැඩිය ලියන්නෑ හොර අහුවෙයි කියලා.
    (කළණ තමා පාර කිව්වා)

    ReplyDelete
    Replies
    1. කළණට වගේම ඔයාටත් ස්තූතියි

      Delete
  12. ලස්සනයි හැබැයි අර කළණ ය ගෙ බ්ලොග් කට්ටෙදි කීව වගේ පොඩ්ඩක් විතර ඔළුවට පොල් ගෙඩියක් වැටිච්ච ගතියක් තියෙයි හැක් හැක්
    ආයෙත් එංඥං දිගටම ලියන්න
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. කෝ බං මේකෙ ෆලෝවර් ගැජට්ටුව ඒක එල්ලං හිටු අපිට ෆලෝපාරක් දාගන්ට

      Delete
    2. පොඩිකාලේ ඉඳන්ම අළුතින් මුණගැහෙන යාළුවෝ මට ඔය කථාව කියනවා. හී හී

      Delete
  13. ගමේ එකා තමයි කිවේ ගමෙන් එකියක් ඇවිත් කියලා .යකෝ මේ අපි අඳුනන කෙනෙක් නේ .එහනම් ඔන්න දිගටම ලියාගෙන යමු ....ගමේ එකෙක් කියලා ඔය ඉවානයා එහෙම අදර්ශේට ගන්නවා හෙම නෙවෙයි .එකට දැන් බොගක් තියනවා කියලා මතකයක් වත් නැ ....
    ජයවේවා !!!!

    කොමල නමුණුකුල කුමරී
    පුංචි පුංචි මල් වඩම් සේ
    පංච වර්නේ
    රංචු රංචු සමනල සේනා
    පෙරහැරේ යන්නා
    ඒ පාර දිගේ
    හිත පාවී පාවී කොහේද මේ යන්නේ

    ළමැද වසාගන්නත් මදී
    වලා සළු පොටින් මුහුණ වසා
    බලා සිටිද්දී ඇස් දෙක නිල් වන
    කොමල නමුණුකුල කුමරී
    රුව බැබළේ රන්කඳ කොමලී
    හිත පාවී පාවී කොහේද මේ යන්නේ

    මුහුණ බලාගන්නැයි කියා
    ඔබේ දෙතොල රැඳී සුවඳ දිගේ
    හඬා වැටි වැටී එන්නට හිත් දෙන
    කොමල නමුණුකුල කුමරී
    රුව බැබළේ රන්කඳ කොමලී
    හිත පාවී පාවී කොහේද මේ යන්නේ

    ගී පද - ලූෂන් බුලත්සිංහල
    තනුව - ප්‍රේමසිරි කේමදාස
    ගායනය - අමරසිරි පීරිස්

    ReplyDelete
    Replies
    1. හා හා . කියෙව්වොත් කොමෙන්ට් එකක් දාන්න හොඳේ

      Delete
  14. කළණගෙන් පාර අහගෙන ඔන්න අපිත් ආවා... දිගු ගමනකට සුබ පැතුම්...

    ReplyDelete
  15. ෆලෝ ගැජට් එක හයි කරන්න.
    කල්‍යාණ මිත්‍ර කියන අංකල් තමයි පාර කිවුවෙ. ආයෙ ඇවිත් ඔක්කොම පෝස්ට් ටික බලන්නම්.

    ReplyDelete
    Replies
    1. හරිද මං ද.
      ඔන්න දැම්ම ගැජට් එක. දැන් ෆලෝ කරන්න පුළුවන්ද???
      මං ඉතින් අළුත්නේ. වැඩිය දන්නෑ අනේ.
      හරි නැත්තන් කියන්ඩෝ.................

      Delete
  16. මාත් වැඩේ හරියටම දන්නෑ...මං හිතන්නේ ඔය කියන්නෙ ගූගල් ෆලෝවර් නෙවෙයි බ්ලොගර් ෆලෝවර්.
    Layout-add a gadget- more gadget- followers (at the bottom)

    විවේක වෙලාවක එන්නම් නමුණුකුලෙන් එහා ලෝකෙ බලන්න....මාත් ඒ අහල පහල තමයි

    ReplyDelete
    Replies
    1. සද වියමන් හරි
      ඒ විදියට බ්ලොගර් ෆලෝවර් එක දාගන්ට
      මොකද ආපහු අලුතෙන් පෝස්ට් එකක් දාද්දි ෆලෝ කරල තියෙන අයට නිවුස් ෆීඩ් පෙන්නනව

      Delete
  17. ඕවා ආපහු ඉල්ලා ගන්න. තියන් හිටියම කරදරයි.

    ReplyDelete
    Replies
    1. කෝල් කරලවත් ඉල්ලගන්න ඕනි හී හී

      Delete
  18. මමත් හොයන දිලිසෙන තරු ඇස් දෙකක් තියනව
    අලුත් බ්ලොගේට ජයෙන් ජය :) දිගටම ලියමු :)
    කල්‍යාන මිත්‍රයෙක් තමයි බ්ලොගේට පාර කිව්වෙ :)

    ReplyDelete
  19. Replies
    1. ++++++++++++
      මගේ කාඩ් කුඩු කරයි වගේ.. හැක්.

      Delete
    2. අපි නවකයෝ හොඳේ. පොඩ්ඩක් හෙමින් තමයි ලියන්නේ. ඔන්න අද පෝස්ට් එකක් දැම්මා.

      Delete
  20. තහංචි දැම්මට වැඩක් නැති
    සිතක් පිලිගනී ද මේ කතන්දරේ
    නුබේ රුව ඇඳී ඇති
    මේ ඇස් සොයයි තව තවත් නුබවම
    නොඑන බව දැන දැනත්
    පිස්සුවකි මේ ආදරේ
    රිදුම් දෙන සිතට...................


    ReplyDelete
    Replies
    1. අම්මෝ මෙන්න මෙයත් කොමෙන්ටුවක් දාලා. තෑන්ක්ස් සුදූ

      Delete
    2. කවිය මාර ගති. ලස්සනයි. දුක හිතුනා හුඟාක්..............

      Delete