“අද 11 වෙනිදා,
හෙට අවුරුදු
හවසට ගෙදර යන්න බස් තියෙයිද,
අම්මාට අප්පච්චිට නංගිට ගත්තු ඇඳුම් හරියයිද,
කැවිලි මොනාහරි හැදුවද දන්නෑ,
අම්මාගේ කොන්දේ ඇවිලිල්ලත් වැඩිවෙලා කීවා.
මේ සැරේ පැණි වළලු නැති හැඩයි
නංගිගේ පාඩම් වැඩ කොහොමද දන්නෑ,
වැස්සත් එක්ක බස් වල යන එක ???
මේ දවස්වල සෑහෙන සෙනඟ පාරේතොටේ.”
මේ ඔක්කොම හිත හිතාම
කුඩේ යටින් මග අයිනෙන්
මං යද්දී පරිස්සමින්
අතර මගදි ඈ උන්නා
මහ වැස්සට තෙමීගෙනම
ඈට තිබුණෙ සහනයකට
හිස මත වූ අත පමණයි
ඉතිං අපිට අවුරුදු ඇවිත් .......
ප.ලි. - අප්‍රේල් මාසේ ලිව්ව එකක්.
අගෙයි... වෙනසකටත් හොඳක්ක හොඳයි...
ReplyDelete😊
Deleteහෑ? දැන්ද අවුරුදු එන්නෙ? බලමු පෝස්ට් එකත් කියවලා.
ReplyDeleteහා මේ අවුරුදු ආපු කාලේ ලියපු එකක්නෙ. ගෙදරින් පිට ඉඳලා ගෙදරට සල්ලි ගේන පුතාලගෙ, දුවලාගෙ දුක්බර කතාන්දරය. දුක්විඳින, විඳි සැබෑ මිනිසුන්ගේ යතාර්තවාදී ස්වබාවය
Delete😊 හ්ම්ම්ම්ම්
Deleteඅවුරුදු එනවා කිව්වේ බදින්නවත්ද යන්නේ හැක හැක
ReplyDeleteඅයියෝ මඩ ගහන්න ඔට්ටු නෑ, හරිද හලෝ... 😅
Delete