Sunday, November 15, 2015

සත 25 ( ඇගේ මතක - I )

මිස් රුපියල් පහක් තියෙනවානම් දෙන්න.

කොන්දොස්තරට දෙන්න රුපියල් පහක් හොයද්දී පර්ස් එකේ අස්සක හිරවෙලා තිබුණු සත 25 කාසියක් එළියට ආවා.

5 ක් නෑනේ..........

කොන්දොස්තරට එහෙම කියලා මං වීදුරුවෙන් එහා පැත්ත බලාගත්තේ, මං බස් එකෙන් බහිනකල්ම ඉතිරි සල්ලි දෙන්න කොන්දොස්තරට අමතක වෙන බව දන්න නිසා.

ආයෙමත් පර්ස් එකේ හිරවුණු පුංචි සත 25 , නොමැකෙන විදිහට හදවතේ හීනි රිදුමක් ඉතිරි කළා.



මැට්ටි.

මගේ මෝඩ කථාවට දෙන්න පුළුවන් සරලම, දඟකාරම තීරණය එයා කෙටි පණිවිඩයකට ගොනු කරල තත්පර දෙකේ නිමේශයකදී මට යොමු කරලා කිබුණා.

එන්න එපා මට මැට්ටි කියන්න. සත 25ක නඩුවක් දානවා මං, හරිද...........

හීනියට දැනුණු තරහත් මුහු කරලා මං පිළිතුර මැසේජ් කලා.

අනේ එහෙම කරන්න එපා සුදූ. මං ඔයාට රුපියලක පගාවක් දෙන්නම්.

ම්................. එහෙනම් පොඩ්ඩක් සලකලා බලන්නම්කෝ

එයාගේ මූණේ මේ වෙලාවට ඇඳිලා තියෙන දඟ හිනාව මතක් වුණ නිසාම මගේ මූණේ ඇඳුණු හිනා රැල්ලත් එක්කම මං උත්තරේ යැව්වා.



සතියකට විතර කලින් දවසක හැන්දෑවේ, පුංචි රණ්ඩුවක් නිමවුණු හැටි සිතුවිලි තරංගයක් ඔස්සේමගේ හිතට ගලාගෙන ආවා.


මගේ අතීතේ ගැන මටම දැනුණු ඉරිසියාවක්දෝ මන්ද,  බර හුස්මක් වෙලා ටිකක් සද්දෙට එළියට පැන්නා.බස් එකේ වේගෙට පැරදිලා පහු බැහැල වගේ වා තලේට මුහු වෙලා ඒ සුසුම ඈතට පාවෙලා ගියා.

4 comments:

  1. සත ගණං වල නඩු තමා හෙනම කේස් එක... ආයෙ දඩේ ගෙවන්න වෙන්නෑ මේ සම්මක්කපේකට.. වඩා හොදයි තමයි රුපියලේ පගාව හිහි

    ReplyDelete
  2. රුපියල සත වලට වඩා වටිනා දේවල්

    ReplyDelete