Thursday, July 9, 2015

මතකය


නෙත් කෙවෙනි අග
හීතලට ගුලි වෙන
කඳුළු බින්දුවක්
බොඳ කර හරියි
සුදු කරදහියේ
මා සුරතින් ලියැවූ වදන්

ඒ වදන් විලස ඔබත්
බොඳ වී ගිහින්දෝ
මා නෙතු අද්දරින්
නොපෙනෙනා ඈතකට

මීවිත නෑ
මගේ දෙතොලට
කඳුළ සුසුම
දියකර හරින්නට
නොපැතු මොහොතක
මතක පියන්පත්
විවරවන්නේ කිම
නොපැතු විලසට

කඳුළු සඟවා
දසන් විදහා
ලොවට පෙනෙන්නට
සිනාසෙන්නට
තැත් දරමි
මා තවම




7 comments:

  1. යව්වනේ.. තනිකමක් දැනෙනා මොහොතක...
    හිත ඉකි ගසා හැඬුවා...

    ReplyDelete
  2. හ්ම් හ්ම් මං කැමතිම සිංදුව

    ReplyDelete
  3. මංද

    කන්දක හැප්පුන වළාවකට
    බෑ ගොඩක් කල් ඉන්න
    මඟහැර යා යුතුම වෙයි
    රැදෙන්නට වුවමනා වුව
    තවත් තත්පර

    ReplyDelete
    Replies
    1. හ්ම්................... ඇත්ත වෙන්නැති.
      ලස්සන පද පේළිය

      Delete
  4. පොටෝ ඇල්ලුවට කවි ගැන නම් මෙලො දෙයක් දන්නෙ නම් නෑ. ඒත් මේ ටික කියවද්දි හුරුපුරුදු ගතියක් දැනුනා. වැඩියෙන්ම හිනා වෙන්නෙ හිතේ දුක වැඩියෙන්ම තියෙන උන් කියල කියනවනේ...

    ReplyDelete
  5. වෙන්නැති මාත් හිනාවෙනව වැඩීයි කියල වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
  6. හැංගිලා අඩන එකයි හැංගිලා හිනාවෙන එකයි දෙකම දුක්බරයි කියනවානේ!!

    ReplyDelete