Monday, June 29, 2015

සුභම සුභ උපන් දිනක් වේවා !!!!!!!!!!!!!

තුරු වදුලේ සුපිපි වන මල්
තෙත්ව ගොසින් හිමිදිරි පිණි පොදට
සිහින මීදුම් වලා අතරින්
ගලා එයි අනාගත පැතුම් පොදි
වෙර ගන්න විඳින්නට ඒ හිරු එළිය
බොරදියේ පිපි ඉඳුවර කැකුළක් විලස,

නොවනුමැන වන මලක්
මකරන්දයේ නැලවී
විසිරගොස් ළවැල්ලේ
කේෑරි වී පරව යන,

ඉඳුවර කැකුළක් ලෙසින්
පිපෙනු මැන හෙට දිනත්
සුදීලී වන මල් අතරින්
සොයුරියේ
පියමනින්නට
සුභ සොඳුරු අනාගතයකට



මගේ ආදරණිය හිංචි පැංචි නංගාගේ දාහත්වෙනි උපන්දිනය පහුගිය විසිඅට වෙනිදා යෙදිල තිබුණා. ඉතින් එයාට සුභම සුභ අනාගතයකට මං ආසිරි පතනවා.

15 comments:

  1. නංගට සුබම සුබ උපන්දිනයක් වේවා......

    ReplyDelete
  2. භාග්‍යා ගෙ නංගි පොඩ්ඩට මගෙනුත් සුභ පැතුම්
    අනාගතය සාර්තක වේවා.
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
  3. 'සෙවන් ටීන්' කියන්නේ ලේසි පාසු වයසක් නෙවෙයි විශේෂයෙන්ම ගෑණු දරුවෙකුට.. ආදරය විතරක් නෙවෙයි රකවරණයත් දීල ඇහැක් වගේ බලා ගනින් කෙල්ලව.. 'ලොකු අක්ක' කෙනෙකුට 'ලොකු වගකීමක්' තියෙනව නංගිල ගැන. නිවැරදි ආදර්ශයත් මඟපෙන්වීමත් වැදගත්.. කෙල්ලට ජය!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ සමග එකතුවෙමි

      Delete
    2. දෙන්නටම ස්තූතියි

      Delete
  4. නංගිට සුභ අනාගතයක්!!!!!!!

    ReplyDelete
  5. ඔන්න අපිත් හැපි බර්ත් ඩේ කිව්වා...

    ReplyDelete
  6. බර්ඩේ පාටියක් දාමු...
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මාත් සහභාගී කරගන්නවා නම් දාමු. හී............. හී............

      Delete
  7. මං දන්නා තරමිං නං ඔය ‘අක්කලං නගාල‘ හිච්චි පැංචියො වෙන්නෙ Arpico PE+ වතුර ටැංකියට සාපේක්සව තමයි.

    සුභ උපන් දිනක් වේවා.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත. ටැංකුයි

      Delete