එදා
ඉල් මාසේ පෝය දා
වටපිටාවේ
හැමදේම කිරිපාටින් බැබලෙමින් තිබුණා. පුරහඳ අහස පුරාම ඇවිදින්න පටන් අරන් දැන් ටික
වෙලාවක් ගෙවිල ගිහින්.
“අපිත් යමුද ඇවිදින්න?”
“හා ඒත් සීතලයිනේ,”
“කෝ දෙන්නකෝ අත.................
අපි උඩහටම යමුද ?”
“හා, ඒත් මට බයයිනේ”
“මම ඉන්නවානේ...................”
එයා
තරු ඇස් දෙකෙන් හිනා වෙලා මගේ අත තදින් අල්ල ගත්තා.
එක
යායට හඳ එළිය පැතිරිලා,
ගස්
කොළං වලට හඳ එළිය වැටිලා ඒවා දිලිසෙනවා
හරියට
අහසේ තරු වගේ........................
සේකර
මහත්තයා කීවා වගේ
පොළවේ
තිබුණු තාප්ප, වැට කඩුළු ඔක්කොම අතුරුදහන් වෙලා
අහසට
ගියාම හැමදේම හරිම ලස්සනට පේනවා.
හිතට
එන හැමදේම කියව කියව අහස පුරා රවුං ගැහුව
අපි, පාන්දර වෙද්දී පහලට ආවා.
ගල්
ගැහන සීතලක් වටපිටාවේ තිබුණට, මගේ හිත නුපුරුදු උණුහුමකින් පිරිල තිබුණා.
“ඊළඟ පෝයටත් ඇවිදින්න යමුද ?”
එයා
යන්න කලින් මං ඇහුවා.
“හා”
යන්න
කලින් එයා කියල ගියා.
දැන් පෝයවල් කීයක් නං ගෙවිලද? තාම ආවේ නැද්ද ඉතින්?
ReplyDeleteම්හු..............
Deleteඊළඟ පෝය ඉක්මනට ගෙවෙන්න එපා :-)
ReplyDeleteඒ මොකෝ ???
Deleteයකෝ මේ ඇහැළ. එතකොට ඉල්.
ReplyDeleteහෆොයි. ඔය මනුස්සයට ඉක්මණට එන්ටය කියල මේල්ලුවක් වත් යැව්ව නං
අපූරු සටහනක්
හ්ම්....
Deleteමේ මාසේට පෝය දෙකයි..
ReplyDeleteඑල ද බ්‍රා
නෑ.................... පෝය හතයි
Deleteසුපර්මෑන් ද මන්දා????
ReplyDeleteහී............හී................අනේ මං දා
Deleteමේ පෝය ගැන හිත හිතා ඊළඟ පෝය වෙනකං ඉන්නවද?
ReplyDeleteඒක නම් මං දන්නෙත් නෑ
Deleteමේ දවස් ටික ඉක්මනටම ගෙවිලා ගිහින් ඊලඟ පෝය දවස හිමිහිට ගෙවිලා ගියදෙන්....
ReplyDeleteඑසේම වේවා කියලයි මාත් හිතන්නේ
Delete