අද ඔයා මං ළඟ,කාලෙකට පස්සේ.
මං නැතිව පාළුවෙන් ද හිටියේ කියල මං අහන්නේ නෑ, ඒ ඔයා උත්තර දෙන්නේ නෑ කියල මං දන්න නිසා. අපිදෙන්නා ගොඩක්
සතුටින් හිටිය ඒ කාලේ ඔයාට මතකද ?
ඒ කාලේඅපිට ප්‍රශ්න හුඟක් තිබුණේ නෑ. ඔෆිස් ඇරිල මං එන්නේ ඔයාව හොයාගෙන, ගෙදරින්කොච්චර බැනුං ඇහුවත් මට ඔයාව ඕනි
වුණා. මගේ මහන්සිය ඔයා ළඟ ඉන්නකොට දියවෙලා ගියේ මටත් නොදැනිම.
ඒත් ටික කාලෙකින් මට ඔයාගේ ලොකු වෙනසක් දැනුනා.
හිතාගන්නවත් බැරි විදිහට ඔයා අසනීපවෙලා,
මං ඉක්මනට අයියට කෝල් කරල විස්තරේ කීවා. මං දැනං හිටියා මට උදව් කරන්න පුළුවන්
එයාට විතරයි කියලා. ඊට සතියකට විතර පස්සේ අයියා ආවා ඔයාව එක්කන් යන්න. ඔයාව හොඳ කරගන්න
ඕනි නිසාම මං අයිය එක්ක ඔයාව යැව්වා.
මගේ ලෝකය එකපාරටම මහ අඳුරකින් වැහිල ගියා
වාගේ දැනුනා. අයියට එයාගේ වැඩත් එක්ක ඔයාගේ
විස්තර හැමදාම මට කියන්න බැරිවුණා. ඔයා ගිය දවසේ ඉඳන්ම මහා පාළුවකින් මං හවස්වරුවම
ගෙවලා දැම්මා. ජීවිතේ පරණ පුරුදු විදිහට ඔහේ ගෙවිල ගියා. ඔයා මං ළඟට කවදා එයිද කියල
මං හැමදාමත් ඇඟිලි ගැන්නා.
ගොඩක් අයට මං ඔයා ගැන කීවා. සමහරු කීවා ඔයාව
අත්ඇරල දාන්න කියලා, සමහරු කීවා
ඔයාව හොඳ කරගන්න බැරි වෙයි කියලා, සමහරු කීවා
ඔයාව අයිය එක්ක යැව්වෙ අපරාදේ කියලා, සමහරු කීවා
ඔයාව කාගේ හරි ඇඟේ ගහල ෂේප් වෙන්න කියලා, සමහරු කීවා
ඔයා ඉක්මනට හොඳ වෙයි කියලා. ඒ හැමොමත් එක්ක හිනාවෙලා, මං ඔයා එනකන් මඟ බලාගෙන හිටියා. කවුරු මොනා
කීවත් මං දැනං හිටියා ඔයා අනිවාර්යයෙන්ම කවදහරි මං ගාවට එනවා කියලා. එයාල දන්නෑනේ
මේ ටික කාලෙට ඔයා මට කොච්චර ළං වුනාද කියලා.
ඔයා එනවා කියල දැනගත්ත දවසේ මට හරියකට
ඔෆිස් එකේ වැඩ ටිකවත් කරගන්න බැරිවුණා. මං ඉතිං අපේ සුරංග අයියට උදේ ඉඳන්ම කං
කෙඳිරිගාගෙන හිටියා.
"මොකදෑ
බොලෑ දැං ඔය හැටි කෙඳිරිගාන්නෙ ?” සුරංග
අයිය ඇහුවා.
"බලන්නකෝ තාම නෑනේ. අද ආවේ නැත්තං මං
ඔෆිස් එකෙන් යන් නෑ”. මංඋත්තරදුන්නා.
"ඉතිං
ඉන්නකෝ”
ඇස් දෙක ලොකු කරල හිනාවෙලා සුරංග අයිය කියනවා.
අයිය ඔයාව තනියම එවන්න බයවුනත්, එදා හවස් වෙද්දි ඔයා පරිස්සමින් මං ළඟට ආවා.
ඉතිං මට මල් හතයි.
ඒ හැමදේම කොහොම උනත් අද ඔයා මං ළඟ. ඔයාට හොඳටම
හොඳයි. මට සතුටුයි. දැං පුරුදු විදිහටම හවසට මට ඔයත් එක්ක තනිවෙන්න පුළුවන්. මං අළුතෙන්ම
පටන්ගත්ත බ්ලොග් එක ලියන්නත් ඔයාවඋදව්වට ගන්න මං බලාපොරොත්තු වෙනවා. ඔයාව මට කොච්චරක්
ඕනෙ ද කියල පැහැදිලි කරන්න මේ ලිපිය මදි වුනත් මං ඔයාගේ මතකයේ මේ ලිපිය ගබඩා කලාට පස්සේ
ඔයාට යන්තම්වත් තේරුම් ගන්න පුළුවන් වෙයි ඒක.
ඉතිං ඔයා මං ළඟට ආවට මට ඇත්තටම හුඟක් සතුටුයි.
ප.ලි. :- මගේ ලැප් එක ආපසු ලැබීමේ ප්‍රීතීය නිමිත්තෙන් ටයිප්
කරන පළවෙනි ලිපිය තමයි මේ...................
හෙක හෙක
ReplyDeleteමාර ලව් සීන් එකනෙ.
ඇන්දුනා ලෙල්ලටම. බුහැක්. ප.ලි ය නැත්තං ඇදල සැන්ට් ටික්කුත් ඉහගෙනයි යන්නෙ හිහි
හොඳඳ මන්ද ............................... හී
Deleteමං හිතුවෙ බලු පැටියෙක් ගැනවත් කියනවාද කියලා. ලැප් එක ගැන නම් මටත් කියන්න තියෙන්නෙ ඔය ටිකම තමයි.
ReplyDeleteහැමෝම ලැපට පණ ඇරල නේ...
Deleteමම හිතුවෙත් බලු පැටියෙක් ගැන කියලයි.අයියා බලු ඩොකෙක් කියලයි.
ReplyDeleteමරු....
අපේ බලු පැටිය හොඳින්. තෑන්ක්ස්
ReplyDeleteමේව්වා තමයි බොලව් ප්‍රේම කතා!!!
ReplyDeleteහුකෑස්...මං හිතුවෙ ජංගමේ ගැන!
ReplyDelete