නෙත්
කෙවෙනි අග
හීතලට
ගුලි වෙන
කඳුළු
බින්දුවක්
බොඳ කර
හරියි
සුදු
කරදහියේ
මා
සුරතින් ලියැවූ වදන්
ඒ වදන්
විලස ඔබත්
බොඳ වී
ගිහින්දෝ
මා නෙතු
අද්දරින්
නොපෙනෙනා
ඈතකට
මීවිත
නෑ
මගේ
දෙතොලට
කඳුළ
සුසුම
දියකර
හරින්නට
නොපැතු
මොහොතක
මතක
පියන්පත්
විවරවන්නේ
කිම
නොපැතු විලසට
කඳුළු
සඟවා
දසන්
විදහා
ලොවට
පෙනෙන්නට
සිනාසෙන්නට
තැත්
දරමි
මා තවම
යව්වනේ.. තනිකමක් දැනෙනා මොහොතක...
ReplyDeleteහිත ඉකි ගසා හැඬුවා...
හ්ම් හ්ම් මං කැමතිම සිංදුව
ReplyDeleteමංද
ReplyDeleteකන්දක හැප්පුන වළාවකට
බෑ ගොඩක් කල් ඉන්න
මඟහැර යා යුතුම වෙයි
රැදෙන්නට වුවමනා වුව
තවත් තත්පර
හ්ම්................... ඇත්ත වෙන්නැති.
Deleteලස්සන පද පේළිය
පොටෝ ඇල්ලුවට කවි ගැන නම් මෙලො දෙයක් දන්නෙ නම් නෑ. ඒත් මේ ටික කියවද්දි හුරුපුරුදු ගතියක් දැනුනා. වැඩියෙන්ම හිනා වෙන්නෙ හිතේ දුක වැඩියෙන්ම තියෙන උන් කියල කියනවනේ...
ReplyDeleteවෙන්නැති මාත් හිනාවෙනව වැඩීයි කියල වෙලාවකට හිතෙනවා.
ReplyDeleteහැංගිලා අඩන එකයි හැංගිලා හිනාවෙන එකයි දෙකම දුක්බරයි කියනවානේ!!
ReplyDelete