තුරු වදුලේ සුපිපි වන මල්
තෙත්ව ගොසින් හිමිදිරි පිණි පොදට
සිහින මීදුම් වලා අතරින්
ගලා එයි අනාගත පැතුම් පොදි
වෙර ගන්න විඳින්නට ඒ හිරු එළිය
බොරදියේ පිපි ඉඳුවර කැකුළක් විලස,
නොවනුමැන වන මලක්
මකරන්දයේ නැලවී
විසිරගොස් ළවැල්ලේ
කේඬෑරි වී පරව යන,
ඉඳුවර කැකුළක් ලෙසින්
පිපෙනු මැන හෙට දිනත්
සුදීලී වන මල් අතරින්
සොයුරියේ
පියමනින්නට
සුභ සොඳුරු අනාගතයකට
මගේ ආදරණිය
හිංචි පැංචි නංගාගේ දාහත්වෙනි උපන්දිනය පහුගිය විසිඅට වෙනිදා යෙදිල තිබුණා. ඉතින්
එයාට සුභම සුභ අනාගතයකට මං ආසිරි පතනවා.
නංගට සුබම සුබ උපන්දිනයක් වේවා......
ReplyDeleteස්කූතියි
Deleteභාග්‍යා ගෙ නංගි පොඩ්ඩට මගෙනුත් සුභ පැතුම්
ReplyDeleteඅනාගතය සාර්තක වේවා.
ජයෙන් ජයම වේවා
ස්තූතියි
Delete'සෙවන් ටීන්' කියන්නේ ලේසි පාසු වයසක් නෙවෙයි විශේෂයෙන්ම ගෑණු දරුවෙකුට.. ආදරය විතරක් නෙවෙයි රකවරණයත් දීල ඇහැක් වගේ බලා ගනින් කෙල්ලව.. 'ලොකු අක්ක' කෙනෙකුට 'ලොකු වගකීමක්' තියෙනව නංගිල ගැන. නිවැරදි ආදර්ශයත් මඟපෙන්වීමත් වැදගත්.. කෙල්ලට ජය!
ReplyDeleteකල්‍යාණ සමග එකතුවෙමි
Deleteදෙන්නටම ස්තූතියි
Deleteනංගිට සුභ අනාගතයක්!!!!!!!
ReplyDeleteතැන්කිව්
Deleteඔන්න අපිත් හැපි බර්ත් ඩේ කිව්වා...
ReplyDeleteතැන්කූ//
Deleteබර්ඩේ පාටියක් දාමු...
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
මාත් සහභාගී කරගන්නවා නම් දාමු. හී............. හී............
Deleteමං දන්නා තරමිං නං ඔය ‘අක්කලං නගාල‘ හිච්චි පැංචියො වෙන්නෙ Arpico PE+ වතුර ටැංකියට සාපේක්සව තමයි.
ReplyDeleteසුභ උපන් දිනක් වේවා.
කතාව ඇත්ත. ටැංකුයි
Delete