කොම්පීතරේ ලඟ වාඩි වුනාමයි මට සිහිවන්නේ “අනේ දෙවියනි මා මොනවැයි මාගේ
මේ නවක බ්ලොග් අඩවියේ සටහන් කොරන්නේ” කියල. ඕං ඔහොම කම්පනා කොරමින් ඉන්නකොටයි මේං මේ
සිද්ධිය මතක්වුනේ..............
ළඟදී දවසක අපි ගියානේ ලංකාවේ දකුණු
කෙලවරට පොඩි සවාරියක්. මේක ඉතිං සවාරියක් කීවට සවාරියක්මත් නෙවෙයි. අපේ අප්පොච්චගේ
අයියණ්ඩිගේ පුතණ්ඩියගේ, කොටින්ම කීවොත් අපේ ලොකුඅප්පොච්චගේ පුතණ්ඩියගේ විවාහ මංගලෝත්සවයට
සහභාගී වෙන්න අපි හාමෝම ගාලු ගියා.
බොහොම කාලෙකින් බීච් යන අපිට ඇත්තටම ඒක සවාරියක් වුනා. අනිත් අය කෙසේ වෙතත් මං ආසයි බීච් යන්න. දාහය නිවාගෙන යන මූදු
හුළං රැල්ලත් එක්ක හවස් වරුවක වෙරළට ඇවිත් මනෝපාරක් දාං ඉන්න ඉතිං මට කොයින්ද
වාසනාවක්.
හැමදාමත්
බීච් යන අයට ඊරිසිය නොකර ලැබෙන ඕනෑම චෑන්ස් එකකදී බීච් සයිඩ් යන්න මං එවරෙඩි පූසා
වගේ රෙඩි. හී හී
ලංකාව හතරවටේ කරක්ගහන්න මං කොච්චර ආස වුනත් ඔය ගමන් බිමන් වල යෙදෙන්න අපේ
මව්දෙමව්පියෝ පොඩ්ඩක් අකමැතියි. හේතුව උණුසුම. ඇත්තටම උපන්දා ඉඳල කූල් එකේ ඉන්න
එයාලට ඔය පහළ පැති වල තියෙන රස්නෙට හැඩගැහෙන්න ටිකක් අමාරුයි. ඒත් ඉතින් මං, ට්‍රිප්
යන්න යෝජනාවක් ආ සැනින් උඩ පැනල කෑ ගහල සභා සම්මත කර ගන්නවා. ( මා විසින්ම, අන්
අයගේ කිසිදු විමසීමකින් තොරව. හී හී ) ඉන් පස්සේ ඉතිං කට්ටියම නම බලල, දින ගැනලා,
සාකච්ඡා වට මේස හතරැස් මේස ගනනාවක් තියලා,
ගමන තීන්දු කරනවා. සමහරවිට ඉතිං ගමන ලත් තැනම ලොප්. සම්මත වුනාට පස්සේ මට ආයෙම
ඉතින් ඔය සම්බන්ධව සිහිවන්නේ ට්‍රිප් එක යන දවසේ පාන්දර අම්මා ඇහැරවනකොට තමයි.
හී හී
තව පොඩ්ඩෙන් අපේ අයියණ්ඩිගේ මංගල්ලේ අමතකම වෙනවා.
ඉතිං කට්ටිය එක්කම කාලයක් තිස්සේ බලන් හිටිය ඒ අනභිබවනීය මොහොත උදා වුනා.
මංගල්ලේ නෙවේ. මේ................. ට්‍රිප් එකේ සමාරම්භක මොහොත. උදේ අටට විතර ගමන් ආරම්භ කරපු අපි සෙටාර් එක
ලන්ච් ගන්න , තංගල්ල බීච් එකට ගොඩබැස්සා. ( වාහනෙන් බිමට ). හවස්
වෙනකන්ම වැල්ලෙ හිටිය අපි, අයියණ්ඩිගේ අවසන් තනිතඩ අයිස්කිරීං භෝජන සංග්‍රහයත්
භුක්තිවිඳල ගොම්මන් කළුවර පාත් වෙද්දී කළින්ම සැලසුම් කරගෙන හිටිය විදිහට මාතර
තිබුණූ සංචාරක බංගලාවට පිටත්වුනා.
වෙඩිමට ලෑස්ති වෙන්න ඕනි නිසා කට්ටියම බරටම වැඩ. ඇඳුම් අයන් කෙරිලි, සපත්තු
පොලිස් කෙරිලි, බියුට්කචල් වැඩ, විහිළු
තහළු, අයියණ්ඩිගේ පුරාවෘත්ත, එතුමාගේ
අනාගතය පිළිබඳ අනාවැකි, රාත්‍රී ආහාර
පිළියෙල කිරීම්, පසු දින පිළිබඳව එකිනෙකාගේ මතිමතාන්තර, රණ්ඩු දබර, මල් කැඩිලි,
සුහද කථා ආදී මෙකී නොකී සියළුම වැඩ අතරතුර
අපේ වැඩිහිටි පිරිමි පාර්ශවේ උදවිය පහළ තට්ටුවේ සයිඩ් රූම් එකක පොඩි වැඩක් පටන්
ගත්තා. අපේ රවී අයිය කියන හැටියට කීවොත් පොඩි කර්තව්‍යයක් ආරම්භ කොලා. මේ වගේ
අවස්ථාවලදී අපේ කස්ටියට ඕව නැතිවම බෑ ලු නේ. ඕං ඕවගේ ඇත්ත නැත්ත මං දන්නේ නෑ.
ඉතිං පහුවදා මංගල්‍යෙයේ වැඩ කටයුතු
සියල්ල සාර්ථකව අවසන් වුනාට පස්සේ අපි ආපහු එන්න වාහනයට ගොඩවුණා. අපේ අප්පොච්ච
වාඩිවුනේ මං තුමී ලඟ තිබුණු ආසනේ. එයාට ඉතිං මේ වගේ මොහොතවල් වල කියන්න සෑහෙන කථා
තියෙනවා. මේ එයින් එකක්.
“පුතා, දන්නවානේ අපිත් එක්ක ආව චන්දරේ
අයියා...............”
මිස්ට චන්දරේ මෙන්ම ඔහුගේ ඥාති පරම්පරාවම මං හොඳින් දන්නා බව දැන දැනත් අපේ
තාත්තා ඇහුවා. මං දන්නවා දැං මෙයා මේ හොඳ කථාවකටයි ලෑස්තිවෙන්නෙ කියල.
“ඉතිං මොකෝ වුණේ තාත්තේ??” මං කීවා.
“කට්ටියම ඊයෙ හොඳට සප්පායම් වෙලානේ. අපි කිහිප දෙනයි හොඳ සිහියෙන්
හිටියේ. ඔයාල, අම්මලා කට්ටියම උඩ තට්ටුවේ නිදාගත්ත නිසා, අපි කට්ටිය පහළ තට්ටුවේ
නිදා ගත්තනේ.”
තාත්තා
කියන හැමදේම දන්නවා වුනත් කථාවට ඕවත් ඕන ඇති කියල හිතලා ඉවසීමෙන් මං අහන් හිටියා.
“ඉතිං තාත්තේ...............”
“නිදාගන්න ගිය වෙලේ තමයි අපි දැක්කේ, පොරවන රෙදි එකක් අඩුයි කියලා. මේ
වාගේ වෙලාවල් වල හැමදේම හරියටම නෑනේ. අනික මේ රස්නෙත් එක්ක පොරවන රෙදි ඕනිත් නෑනේ.
මේ වෙලාවේ හොඳට සප්පායම් වෙලා හිටිය චන්දරේ කාමරේට ආවා. තව අපි තුන්දෙනෙක්
නිදාගන්න ලෑස්තිවෙලා හිටියේ.”
“චන්දරේ, පොඩි අවුලක් තියෙනවා. පොරවන රෙදි එකක් අඩුයිනේ. මොකද
කරන්නේ????” අපේ බාප්පා කීවලු.
“එහෙමද මහත්තයෝ, දැං මොකද කරන්නේ,
කමක් නෑ. ඕව ඕනත් නෑ මේ ගිනි රස්නේ.”
“නෑ නෑ එහෙම නෙවේ.....මේ පොරෝනෙ චන්දරේ ගන්නකෝ. අපි මොනහරි කරගන්නම්.” අපේ තාත්තා කිව්වලු.
“පොඩ්ඩක් ඉන්නකො මහත්තයෝ මං මේ සරමක්
ගෙනාවා..... ඒකවත් හොයල ගමු.”
කියල චන්දරේ
බෑග් එක අවුස්සනවා. ඇඳ උඩ, ඇඳ යට, දොර මුල්ලේ, බාත්රූම් එකේ තව එහා කාමරේ ආදී
සියළුම තැන්වල හෙව්වත්, සරම මිසින්. පැය දෙකක විතර මෙහෙයුමකින් පස්සේ අපේ
ලොකුතාත්තා හිනාවෙලා නිකමට වගේ ඇහුවලු
“චන්දරේ දැං මේ හොයන්නේ ඇඳන් ඉන්න සරම එහෙම නෙවෙයිනේ ??????” කියලා.
වටපිට
බලපු චන්දරේ අයිය ඔළුවේ අත ගහගත්තලු.
කණ්නාඩි දෙක ඔළුවෙ තියාගෙන හෙවුවා වගේ වැඩක් තමයි....
ReplyDeleteමමත් සමහර වෙලාවට කණ්නාඩි දෙක හොයනවා, ඇස් දෙකේ දාගෙන ම
Deleteඑල ද බ්‍රා..
ReplyDeleteතාත්තා නොකිව්වනම් තවම හොයනවා..
හ්ම්...............
Deleteහෙහ්..උඹට මාවත් මතක් වෙලා තියෙන්නෙ.....තැන්කිව් කිව්ව හොඳේ...:)
ReplyDelete/ හේතුව උණුසුම. ඇත්තටම උපන්දා ඉඳල කූල් එකේ ඉන්න එයාලට ඔය පහළ පැති වල තියෙන රස්නෙට හැඩගැහෙන්න ටිකක් අමාරුයි. /
අඩේ බං උඹ ඔහොම කිව්වට දැං අවුරුදු ..ඉඳහං බලන්ට හරි 2004 අවුරුද්දෙ…. මම බදුල්ලෙ හිටිය මාස හතර පහක් තරම. කිව්වට විස්වාස කරපං..පෑවිල්ල කියන්නෙ ආය රස්නෙට රෑට නින්ද ගියේ නෑ මට හරිහමනකට ඔන්න ඔය මාස හතර පහේම…:)
ශුවර් එකටම ඔයා එන්න ඇත්තේ ජූලි, අගෝස්තු මාස වල
Deleteඒ කාලවල නම් රස්නෙයි තමයි
බදුල්ලෙ ඒතරං සීතලද බං. මට මතක නනෑනෙ.
ReplyDeleteහැබැයි උදේ පාංදරට නං එපා වෙන්න සීතලයි කියල නං මතකයි. හිහි
චන්දරේ වගේ පොරක් බ්ලොග් ලියනවත් එක්ක හික්ස්
ඒ කවුද ???????
Deleteඔයාද ??
ඒ කවුද ???????
Deleteඔයාද ??
මට මතක් උනේ මීට අවුරුදු එකොලහකට එහායින් වෙච්චි මගේ වෙඩිම.. මාත් ඉහින් බදුල්ලේ එකා වෙච්චි කසාද ගෑනි ගාල්ලේ වෙච්චි වෙඩිමට අපේ පවුලේ සනුහරේම ගිහින් අම්බලංගොඩ කිට්ටුව යාලුවෙක්ගේ ගෙදරක රෑ නතර වෙලා හිටිය වෙච්චි.. සමානකම් බෝමයි. වෙලාවට මට මේ වගේ කඩප්පුලි නංගිලා උන්නේ නැත්තේ. නැත්තං වෙච්චි සන්තෑසි ඔක්කොම මුළු ලෝකෙම දැන ගන්නවා බ්ලොග් වල ලියලා.. හැක්.
ReplyDeleteහී හී
ReplyDeleteමං වගේ නංගියෙක් නොලබන්න වාසනා කරල තියෙනවා. මේ අයියා............ හී