මේ මගේ
පළවෙනි ලියවිල්ල, අඩුපාඩුවක් තියේ නම් පෙන්නල දෙන්න කියලා පටන් ගනිද්දිම, කියවන හැමෝගෙන්ම
මං ඉල්ලනවා.
පැය එක
හමාරක බස් ගමන. උදේටයි හවසටයි. ඇහුවමත් එපා වෙනවා. ඒත් ඉතින් බ්ලොග් කියවිල්ල නිසා
අවුලක් නැතිවම ඒ කාලේ ගෙවාගන්න මට පුළුවන්. උදේ පායාගෙන එන ඉරත් එක්ක හිනාවෙවී, ගමන්
අරඹද්දී හොඳට හරිබරිගැහිල බස් එකේ සීට් එකක කොනේම වාඩිවෙලා මං වැඩ පටන් ගන්නවා ( පෝන්
එකේ ). හී හී
සීතල
කඳුකරේ ලාවට උදේම තියෙන මීදුමත් එක්ක තරඟ
කරල ඉර එලිය පොලවට වැටෙනකොට හරිම ලස්සනයි. ඒ සුන්දරත්වයට මං හරි ලෝබයි. උදේට ඉර
පායන්නෙ නැතිව මීදුම විතරක් තිබුනොත් මගෙ හිතට හරි නෑ. මීදුම් රැලි අතරින් ඉර
පායනකොට හිතේ තියන පුංචි පුංචි ප්‍රශ්න ඔක්කොම අමතක වෙන තරමට නිදහසක් දැනෙනවා.
"දැක්කද හරිම ලස්සනයි අද උදේ?”
රෑ
පුරාම වැස්ස වැටිල තෙමිච්ච ගස්කොලන් වලට,
පහුවදා පාන්දර ඉර එළිය වැටිල දිලිසෙන වෙලාවක මං ඇහුවා.
"හ්ම්........... ලස්සනයි.”
"ඒත් ඔයාලගෙ පැත්තේ එහෙම නෑ නේ..........." මං
හිනාවෙවී කිවා.
"ඔවිනේ ” එයා බොහොම දුකින් කීවා.
හිනාවෙවී
හිටිය මටත් දුක හිතුනා. පරණ මතකයන් හිතේ අහුමුළු වල ඉඳන් එළියට එන්නේ මේ වගේ
වෙලාවට.
සමහරදාට
මහ නපුරු වෙලා දාහක් හිත් වලට වේදනාවක් උරුම කරල දීල හතර වටේ තියෙන හැමදේම විනාශ
කරගෙන බදුළු ඔය පල්ලම් බහිනවා. ඒත්
ගොඩක් දවස් වලට, හැමෝගෙම හිත් තෙත් කරල අහිංසකව පහලට ගලා බහිනවා. ඒ අහිංසක බදුළු ඔයට මං
හුඟක් ආදරෙයි. මීදුමත් එක්ක ගලා එන ඉර එළියට වගේම මං හැමදාම උදේ හවස යන එන මාර්ගයේ
පැත්තකින් ගලා යන, හැමදාම දකින බදුළු
ඔයටත් මගෙ හිත නිවන්න පුළුවන් කියල පොඩිකාලේ ඉඳන්ම මං
දැනං හිටිය.
බොරළු
ඇනෙන පය රිදවන - වෙහෙස මදක් නිවා ගන්න
ඔබේ
සතුටු මුහුණ අපට - ටිකක් හොඳින් බලා ගන්න
මහත්වරුනි
බදුළු ඔයෙන් - කිරි කඳුලක් අපිත් ගන්න
කාසි
ඇතොත් මේ ඛෙලිමල් - කඳුළු වතුර පොදක් බොන්න
කැලේ
ගිහින් නිදිවැරුවා.........//
කැකුණ
සඳුන් දණ්ඩ දනී
ඒ
සඳුනින් සිත තැවරූ - සුවඳ පවා සිහින වැනී
අඳුරට
දුක එකතු වෙලා........//
නින්ද
බිඳුණු පැලට වඩී
අපට
නැතත් බදුළු
ඔයට - හෙටත්
උදෑසනක් වඩී
රෑන ගිරා
කටුසු කොඛෙයි.........//
උරග නාද
සකුනි වනේ
නුඔට වගේමයි
අපටත් - දුක් පීඩා විඩා දැනේ
කඳු ඉස්මත්තෙන්
පාවී........//
වැගිරෙන
දුන්හිඳ හීනේ
පුංචි එවුන්ටයි
ලස්සන - කිරිගරුඬෙන් කවිය වුනේ
බොරළු ඇනෙන පය රිදවන..............
බදුළු ඔය ගැන ලියද්ද දීපිකා මිස්ගේ මනමෝහනීය කටහඬ හිත ඇතුලේ දෝංකාර
දෙනවා. සිංදුව අහද්දී සංගීත රසයත් එක්කම හීනි රිදුමක් හිතට දැනෙනවා. රචකයා,
සුන්දර පද පේලියක් ඇතුලේ අසුන්දර කතාවක් අපූරුවට ගෙත්තම්
කරල තියෙනවා. බදුළු ඔයත් එක්කම වගේ එක යායට තියෙන වෙල් යායේ කිරිවදින ගොයම් පඳුරු උදේ පින්නට පහතට
බරවෙලා හුලං කිරිල්ලිගෙ තාලෙට සින්දු කියනවා. එක දිගට අක්කර ගනන් විහිදුනු වෙල් යායවල්
නොවුනු, පඩිපේලි වගේ තියෙන
කුඹුරු කඳුකර සුන්දරත්වයට ආශිර්වාදයක්. කඳුකර පලාත්වල ඇවිදලා තියෙන අයටත්,
වාසය කරන අපි වගේ අයටත් ඒක බොහොම සොඳුරු දර්ශනයක්.
කාර්යාලයට
යනකොට වගේම ආපහු ගෙදර එනකොටත් මගෙ හිත නිවන, ජීවිතය විඳින්න
උගන්වන බදුළු
ඔයට, කඳු වළල්ලට
මං හැමදාමත් ලෙන්ගතුයි. පරිසරයේ සුන්දරත්වය විඳිනකොට හිතට දැනෙන සුපසන් හැඟීම් ගොන්නක්
තුරුළු කරන් මං
මගේ බස් ගමන අවසන් කරනවා.
ගමන අවසන් කරල කාර්යාලයට පරිස්සමට ආව මං
භාග්‍යා.
Good Luck bagee!
ReplyDeleteThankz
ReplyDeleteආව්.. මෙන්න තවත් අභිමානවත් 'බදුළු' ප්‍රඩක්ට් එකක්. පළවෙනි සටහන කියවනකොට දැනන් උන්නේ නෑනේ ඔයා මගේ ගමේ කෙනෙක් කියලා.. ජය වේවා!
ReplyDeleteමෙහේද????????????
Deleteබදුලු කතා වදුලු අතරේ නැවතිලා කියවන්න එන්න පාර කියාපු කල්‍යාණ මිත්‍රයාට ඉස්තූතියි
ReplyDeleteආයෙත් එන්න.
Deleteඅගෙයි අගෙයි...! ලියමු දිගටම...
ReplyDeleteස්තූතියි. ආයෙත් එන්න.
ReplyDelete