අපේ පැත්තේ ගොයම් වගාවේ ඊළඟ කොටස. ටිකක් කල් ගියා ලියන්න. කට්ටිය ඒ ගැන සමාවෙන්න ඕනේ. ඇත්තෙන්ම ගොයම් වගාව කියන්නේ හුඟක් කල් ගත වෙන ක්‍රියාවලියක්. ගොයම් වගාවේ සුන්දරම කොටස වෙන්නේ මේ අස්වනු නෙළන කාළය. පුංචි ඈයොන්ට වගේම ගොවි මහත්තුරුන්ටත් ඒක සතුටුදායක කාලයක්.
කලින්
පෝස්ටු වල කියන්න බැරි වුණු වැදගත්ම කථාවක් තියෙනවා. ඒ තමයි මං මතක ඇති කාලේ ඉඳන්
අපේ කුඹුරු වල වැඩ කරද්දී මාගේ කාර්යභාරය. වෙන මුකුත් නෙවෙයි බොල, කඩේ යෑම. කිසි
අවුලක් සැක සංකාවක් නැතිව අපේ තාත්තාත්, අම්මත්, නෑදෑ පිරිසත් මාව කඩේ යවන්න එක
හිතින් එක පයින් එකඟ වුණා.
පුතේ, කඩේට ගිහින් පාන් ටික ගේන්න. පුතේ, කඩේට ගිහින්
බිස්කට් අරන් එන්න. පුතේ, කඩේට ගිහින් බුලත් විට ගේන්න. පුතේ, කඩේට ගිහින් ගිනි
පෙට්ටියක් ගේනන. පුතේ, කඩේට ගිහින්............පුතේ, කඩේට ගිහින්.........
ඒ වගේමයි ගෙදර යාමත්.
පුතේ උදලු මදි වගේ, එකක් මඩුවෙ තිබුණා. අරන් එන්න. පුතේ
උදේ අපි දාලා ආව කුළු දෙක ගේන්න වෙයි වගේ. අර අනිත් දැති ගොයියාවයි, බෝලත්තයි අරන්
එන්නකෝ ගෙදර ගිහින්. ඊට අමතරව අම්මත් එක්ක තේ ගේන්නත් කෑම ගේන්නත් ගෙදර යන්න සිද්ධ
වුණා.
මේං මේ විදිහට දවසකට දහ දොළොස් වතාවක් කඩේ යෑම්, ගෙදර
යෑම් සිද්ධ වුණා. ඒක එදත් අදත් කුඹුරු වැඩ කරද්දී මට පැවරෙන අති උත්තම භාරදූර
කාර්යයක්. මං දන්න ළඟම කඩේ තමයි අපේ ගෙදර ළඟ කඩේ. ඉතින් ගෙදර ගියත් කඩේ ගියත් ඒ
තරම් වෙනසක් නෑ. බලන් ගියහම මං වැඩිපුර කරල තියෙන්නේ, වැඩට උදව් වෙනවාට වඩා ඇවිදින එකද
කොහෙද, හිහ්......
දැන් ඔන්න අස්වනු නෙලීමේ කාලය. මෙච්චර දවස් ඇස් දෙක වගේ
පරිස්සන් කරපු ගොයම් පැළෙන් අස්වනු ගෙට ගන්නයි තියෙන්නේ. මුලින්ම කමත සකස් කරගන්න
ඕනේ. ඒ වැඩේට සුදුසු රවුම් හැඩේ ලියද්දක්
තෝරගෙන ගොයම් ටික කපලා තාවකාලික තැනක ගබඩා කරගන්න ඕනි. අපේ කුඹුරේ තේ බොන්න, කෑම
වර්ග පරිස්සම් කරලා අරන් තියන්න පොඩි පැලක් හදනවා තාවකාලිකව. මේ කාලෙට තාත්තා නම්
ඒ කපපු ගොයම් ටික අර අටෝගත්තු පැලෙන් අරන් තියනවා. ඉන්පස්සේ මේ කමත කපන්න අදහස්
කරන ලියද්ද හොඳට සුද්ධ කරල ඉපනැලි කොටස් ඉවත් කරනවා. රවුමට ලස්සනට කමත සකස් කරනවා. කමත වටේ අඩියක්
විතර උසට ගොඩැල්ලක් හදන්න ඕනි. බිම ගානට ලස්සනට එක මට්ටමකට හදන්න ගොවි මහත්තයාගේ
අත්දැකීම් උදව් වෙනවා. මැටියි ගොමයි වතුර එක්ක මිශ්‍ර කරල ලස්සනට කමත පුරා ගාන්න
ඕනේ. මැටි පොළවක් තියෙන ගෙවල් වල ගොම මැටි ගාන විදිහටම ලස්සනට කමත හදාගන්න ඕනි. මේ
විදිහට හදාගත්ත කමත අව්වට වේලෙන්න ඕනි. අපේ කුඹුරේ කමත හදන ලොකු රවුම් ලියැද්ද කවදාවත්
සම්පූර්ණයෙන් වේලෙන්නේ නෑ. ඒ ලියද්දට වතුර උනනවා. ඉතින් හැමදාම හරිම කරදරයි.
කමත වේලුනාම ගොයම් කපනවා. ඒ වැඩේටත් ගොයම් හැදිල්ල වගේම
තමයි. උදව්වට, අත්තමට ගොඩක් කට්ටිය එකතු වෙනවා. සමහරු ගොයම් කපන දෑ කැති අරන්
එනවා. නැත්තන් වෙන එක්කෙනෙක්ට මහන්සි වෙනකන් බලන් ඉන්න වෙනවා දෑකැත්තක් ඉල්ලගන්න.
දෑකැත්ත හරිම විසයි. පිහියට කැපුනා වගේ නෙවෙයි දෑ කැත්තට කැපුනම හුඟක් රිදෙනවා. ඒ
වගේමයි තුවාලේ ඉක්මනින් හොඳ වෙන්නේත් නෑ. ඒ නිසා දෑකැත්ත එක්ක වැඩ කරද්දී පරිස්සම්
වෙන්න ඕනි. මේ විදිහට කපන ගොයම් කමතට ගේන්නේ ගොයම් පැදුරේ ආධාරයෙන්. ගොයම් පැදුර
කියන්නේ ගෝනි දෙකක් එකට තියලා මහලා හදන පැදුරක්. මුලින් ගොයම් ලණුව එලනවා, දෙපොටක්
වැටෙන්න. ඊට උඩින් ගොයම් පැදුර එලනවා. පැදුර උඩින් කපපු ගොයම් ටික පිලිවෙලට
අහුරනවා. පස්සේ අර ලණු දෙපොටෙන් ගැටයක් දානවා. එක කොනකින් ඇද්දම ඉක්මනින් ලිහිලා
යන විදිහට. ගොයම් පැදුර නිසා වී කරලෙන් වී ඇට බිමට වැටෙන එක අඩු වෙනවා. ඉහතින් දැක්වෙන රූපයේ ගොයම් පැදුර භාවිතා කරල ගොයම් මිටි බඳින විදිහ දැක්වෙනවා. මේ විදිහට
කමතට ගේන ගොයම් කමතේ එක පැත්තක රවුමට අහුරගන්න ඕනි. ඒකට කියන්නේ කොළ ගෙඩිය හදනවා
කියලා. කන්දක් වගේ ගොයම් ගෙඩිය හදල ඉවර වුණාම මාර ලස්සයි. සමහරු කොළ ගෙඩිය හදන්නේ
කමතින් පිට තැනක. පහතින් තියෙන රූපයෙන් දැක්වෙන්නේ කොළ ගෙඩිය හදන අවස්ථාවක දර්ශනයක්.
ඊළඟට තියෙන්නේ ගොයම් මැඩවීම. කොළ මඩිනවා කියන්නෙත් මේ
වැඩේටම තමයි. ලොකු වෙල් යායවල් තියෙන පැති වල මේ වැඩේට දැන් ලොකු යන්ත්‍ර සූත්‍ර
භාවිතා කළාට ඉස්සර මේ වැඩේට මී හරක් තමයි උදව් කරගත්තේ. අපේ පැත්තේ මේ මෑතක්
වෙනකල්ම මී හරක්ගේ උදව් ගත්තා. ඒත් දැන් දැන් ඒ වැඩේටත් කුරුමිණියගේ සහය පතනවා.
හැමෝටම කුරුමිණියා මතක ඇති කියලා හිතනවා. ( කුරුමිණියා කියන්නේ කුඹුර හාන මඩ කරන
වැඩ වලට භාවිතා කරන යන්ත්‍රයකට අපේ ගමේ උදවිය දාලා තියෙන අන්වර්ථ නාමයක්. කලින් පෝස්ට්
වල මං ඒ ගැන සඳහන් කරල තියෙනවා. මතක නැත්තන් සමාවෙලා පොඩ්ඩක් බලන්න හොඳේ.)
කොළ මඩවන දවසේ පාන්දරම ඇවිත් මුලින්ම ගොයම් අහුරක් අරගෙන
කමත මැද තැන්පත් කරනවා. ඒ ගොයම් අහුරට කියන්නේ උප්පිට කියලා. ඊට පස්සේ කොළ
ගෙඩියෙන් ගොයම් අරන් කමත මැදට දා ගන්නවා. මේ වැඩේට භාවිතා කරන උපකරණය තමයි දැත්ත.
දැතිගොයියාව කියලා කියන්නෙත් මේකටම තමා. පුරුදුකාරයෙක්ට නම් දැතිගොයියාව හසුරුවන
එක එච්චර අමාරු වෙන්නෑ. කාන්තා පාර්ශවේ උදවිය කමතේ වැඩ වලට දායක වෙන්නේ බොහොම
අඩුවෙන්. දැතිගොයියාවෙන් නම් වැඩ කරන්නේම නැති තරම්. ඊළඟට මී හරක් බානක් එකට ඈඳලා
ගොයම් පාගනවා. සමහර පැති වල මී හරක් දෙබානක්, ඒ කියන්නේ හතර දෙනෙක් එකට ඈඳලත් ගොයම
පාගනවා. අපේ පැත්තේ කමත එච්චර ලොකුවට හදන්න අමාරුයි. ලියදි පුංචි නිසා. ඊළඟට ඉතින්
පැය හය හතක් ගොයම් පෑගිල්ල තමයි. මේ
වැඩේදි විටින් විට ගොයම් කොලේ පැත්තට කරල, වැටිල තියෙන වී ගෝනි වලට පුරවලා පැත්තකය
කරනවා. ආයෙමත් ගොයම් කොලේ මැදට දාල පාගනවා. මේ වැඩේටත් පාවිච්චි කරන්නේ දැති
ගොයියාව තමයි. ගොයම් පඳුරෙන් වී ඇට බහුතරයක් බිමට වැටුනට පස්සේ ගොයම් පෑගිල්ල,
එහෙමත් නැත්තන් කොළ මැඩවීම නතර කරනවා.
මඩවද්දි මී හරක් පිටිපස්සේ යන්න අපි මාර ආසයි. ඉතින්
මාමාගෙන් හරි තාත්තාගෙන් හරි කෙවිටක් ඉල්ලන් හරක් පස්සේ යනවා. උන් ඉතින් පුරුද්දට
ගොයම් කොලේ වටේ රවුමට යනවා. ඒත් උන්ට
තේරුනොත් පිටිපස්සේ ඉන්න එකා මං වගේ ඩෑල් එකක් කියලා, ඊළඟට උන් යන්නේ උන්ට ඕනි
විදිහට. ඉතින් අපේ ආසාව සුන් කරල බාප්පා හරි මාමා හරි ලොකු අයිය කෙනෙක් හරි මගේ
අතින් කෙවිට උදුරගන්නවා. හරක් පිටිපස්සේ යන එක එපාම වෙන තවත් අවස්ථාවක් තියෙනවා.
කට්ටිය දන්නවා ඇති කියල හිතනවා. එක්කෝ ඔන්නොහේ මං ම කියන්නම්. මී හරක් කියන්නෙත්
ඉතින් සත්තු ජාතියක්නේ. උන් උන්ගේ ජෛවීය අවශ්‍යතා ඉටු කරන වෙලාවට කෙවිට අරන් පිටිපස්සෙන්
යන එකා උන්ට සහයෝගය දක්වන්න ඕනි. ඒ කියන්නේ සරලවම කීවොත් මී හරක් ගොම්පස් දාන
වෙලාවට ගොයම් කොලේ හැම තැනම විසිවෙන්නැති විදිහට ගොයම් කොළ අහුරක් අරන් ඒවා අයින්
කරලා දාන්න ඕනි. ඕං ඔය වැඩේත් මහ එපා කරපු වැඩක්. හිච්චි ඈයෝ ඇඟ පුරා ගොම්පස්
ගාගනියි කියලා ඇතිවන සැකය හේතුවෙන් ආයෙමත් වැඩිහිටියෙක් කමතේ වැඩ වලට එන්ටර්
වෙනවා. ඒ කියන්නේ ආයෙමත් කෙවිට අපේ අතෙන්
ගිලිහිලා යනවා. හිහ්...
ගොයම් මඩවන වෙලාවලට මහ වාත ජොබක් සෙට් වෙනවා. කෙවිටේ
හිමිකාරීත්වයක් නැත්තන් දඟල දඟල ඉන්න හිච්චි ඈයොන්ට වගේම කාන්තාවන්ට පැවරෙන
රාජකාරිය තමයි මුළු කුඹුරෙම ඇවිදලා බිම වැටිලා තියෙන ගොයම් කරල් ඇහිදින එක. මං ආසම නෑ. අපේ ලොකු අම්මලා නැන්දලා නම් ඒ වැඩේ
බොහොම කැමැත්තෙන් ඉෂ්ඨ කරනවා. ගොයම් කපලා ඉවර වුනාට පස්සේ කුඹුරෙ ඇවිදින කොට
ඉපනැලි කකුලේ වැදිලා ඇහෙන සද්දේ අහන්න මං ආසයි. ඔය සද්දේ අහන්න ඕනි නිසාම මං අර
ජොබ් එකට කැමැත්තෙන් දායක වෙනවා ටිකක් කොයිල් වගේ නේහ්, හිහ්... මං නේ ඉතිං..
ඉතිරි
කොටහ ඊළඟ පෝස්ටුවෙන් ගේන්නම්. එතෙක් ඔබට ජය !!!
ප.ලි. - කාලය
කළමණාකරගැනීම පිළිබඳව ඇති මාගේ දුර්වලතාවය හේතුවෙන් ඇතිවූ ප්‍රමාදයට මාගේ බලවත්
කණගාටුව ප්‍රකාශ කරමි. කස්ටිය සමා වෙන්ඩොනේ, තව.....සොරි හොඳේ.
එතකොට භාග්‍යලාගෙ පැත්තෙ ස්ථිර කමත් නැද්ද.. ඒකත් මහ එපා වෙන වැඩක් එතකොට හැම කන්නෙකම අලුත් කමතක් හදන එක. මෙහෙ යායකට වෙන්වුන කමත් තුනක් නැත්තං ඊට වැඩි ගාණක් තියෙයි. සාමාන්‍යෙයන් ඒ ඒ කමත හදන්නෙ අඩුම අයිතිකාරයො පස් හය දෙනෙක්ට වත් කොලය ගේන්න පහසු වෙන තැනක. ඊට පස්සෙ හැම කන්නෙකම ඒ කමත සුද්ද කරල ගන්න එක ඒ අයගෙ වැඩක්. බැරි වෙලා හරි කමතෙ සිද්ද වෙන වැඩ වලට කෙනෙක් ආවෙ නෑ කියන්නෙ කමත පාවිච්චි කරන අවස්ථාව අහිමි වෙනව. ඊට පස්සෙ ඉතිං අර කමත සුද්ද කරන්න ආපු ඒ කෙම්පහන් ටික කරපු අයට කනිපිංදං කිය කිය යන්න ඕන කමත ගන්න. ඉතිං ඒ කරදර නැතිව හැම කෙනාම ගෙදරිං පොඩි එකෙක් හරි එවනව.
ReplyDeleteඋප්පිඩ කියන්නෙ සාමාන්‍යෙයන් දෑගට බදන්න පුලුවං ගොයම් ප්‍රමාණයක් නේද. ඒක කමතට මුලින්ම ගේන කොටහට වුණත් එක්කෙනෙක් ගොයං කපන ගමං එක් රැස් කොරන කුඩා ගොයං කොටසට වුණත් භාවිතා වෙන සාමාන්‍ය වහරක් විදියටයි මෙහෙ භාවිතා වෙන්නෙ.
ගොයං පැදුර නං හැම තැනම භාවිතා වෙන්නෙ නෑ. මොකද ලණුව එළල එහෙම්ම අප්පිඩි ටික එක්කාසු කරල බැදල ගොයං මිටිය ඇරං ය එක තමා හුගක්ම වෙන්නෙ. හැබැයි කුඹුරෙ මඩ තිබ්බොත් ගොයං පැදුරක් පාවිච්චි වෙනව. අම්පාර වගේ පැති වල දෙපොටකට ගත්ත ලණුවක් වෙනුවට තනි පොට ලණුවක් ඇරං අගට ගැටයක් දාල පාවිච්චි කරන්නෙ. ගැට ගහන්නෙ අර විදියටම තමා. ඒත් හරියට ගැට ගැහුවෙ නැතිවම ලෙස්සල යන්න බලනව. ඒත් ඒ ගොල්ල ගාණට වැඩේ කරනව කියන්නකො.
දැති ගොයියගෙන් කොල දාන්න මාර ප්‍රැක්ටිස් එකක් ඕන. ටොකු කකා පුරුදු වුනේ ඒ දවස් වල දැං නං හරියට මතකත් නෑ. කොටිංම දැතිගොය්යාවක් අල්ලපු කාලයක් මතක නෑ.. හෙහ්
අර ගොයං පාගන එක ඇග්‍රිමෙක් එක නේද...
ඇයි මහේෂ් කමතේ අළු වලින් අඳින යන්තරේ එතකොට බැත තනි වෙනවට තියන හක්බෙල්ලා ආදී තව වතාවත් කීපයක් තියෙනවා නේද.අපේ පළාතෙත් තිබුනෙ ස්ථිර කමත්.අපේ පැත්තෙ වෙල්යායකම පාවිච්චියට කමත් දෙකක් තිබුණා.ආ තව එකක් අමතක උනා කමත් භාෂාව.කමතෙදී ඔය හැම උපකරණයකටම කියන නම වෙනස් වෙනවා නේද.
Deleteස්ථිර කමත් නෑ. හැම කන්නේම කීවට අවුරුද්දකට එක වතාවයිනේ අපේ පැත්තේ ගොයම් හදන්නේ. ඒනිසා ලොකු අවුලක් නෑ. අහල පහළ ටිකක් ලොකු කමතක් තිබුණොත් ඒක පාවිච්චි කරනවා.
Deleteඔව් උප්පිට කියල හැමතැනම භාවිතා කරනවා මෙහේ අයත්. ඒත් ඒ හැම වෙලේම ඒක කියන එක අත්‍යාවශ්‍ය නෑ. ඕන වෙලාවක ගොයම් කියන වචනේ ව්‍යවහාර කරන්න පුළුවන්. ඒත් කමතේ මුලින්ම තැන්පත් කරන ගොයම් අහුර අනිවාර්යයෙන්ම උප්පිටම තමා. වෙන වදන් භාවිතා කරන්නේම නැති තරම්.
නැත. ඇග්රිමෙක් එක කියන්නේ ටිකක් ලොකු උපකරණයක්නේ. ඒවා අපේ කුඹුරු වලට ගේන්න බෑ. ලොකු වැඩියි. මේ උපකරණෙට කියන හරිම නම නොදනිමි. සොයාගත් වහාම රූපයක්ද සමඟ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමි.
හැලප මහත්තයෝ,
අපේ ගමෙත් ඹය අළු වලින් අඳින යන්තරේ, හක්බෙල්ලා, වතාවත් ඒ ඔක්කොම තිබිලා තියෙනවා කාලෙකට කලින්. දැන් ඒවා කවුරුත් කරන්නේ නෑ. ඒ දේවල් ගැන අවබෝධයක්, වුවමනාවක් තියෙන අය දැන් අඩු නිසා කියලයි මං හිතන්නේ.
කමත් භාෂාව නං මං දන්න තරමින් ඇතුළත් කලා ලිපියට. මං හිතන්නේ තව වචන ගොඩක් තියෙනවා.ඔබ තුමාගේ ලිපි වලින් ඒ අඩුව සම්පූර්ණ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
දෙපළටම ස්තූතියි. හුඟක් කරුණු දැනගත්තා.
ඔය කුඹුර පුරා ඇවිදලා ගොයම් කරලා ඇහිඳින එක මමත් කරලා තියෙනවා. අර කිව්වා වගේ කෙවිටක් අරන් අම්බරුවෝ පස්සේ පන්නන්න තමයි අපි ආසා.. ඇයි තේ වෙලාවට ලැබෙන ඉඹුල් කිරිබත් කන්න...
ReplyDeleteකට්ටියට කෑම නං මතක් කලත් ඇති වගේ.හිහ්...
Deleteඇත්තටම කුඹුරු වැඩ කරද්දි තමයි රහම කෑම හැදෙන්නේ. මං ඒක තදින්ම විශ්වාස කරන දෙයක්. අපේ අම්මා හදන කෑම උනත් කුඹුරු වැඩවලට හැදුවොත් පුදුම රහක් තියෙන්නේ.
දැන් නම් කමත් දකින්නත් නැ. වෙන ක්‍රම ඇවිත් ඒ වෙනුවට.
ReplyDeleteඔව්නේ මල්ලී,
Deleteමේ ඉන්නේ මගේ අත්දැකීම් සම්පූර්ණයෙන් විඳලා තියෙන තවත් බ්ලොග් රචකයෙක්....
කමත ගැන නොදන්න දේවල් බොහෝමයයි. නොදන්න දේවල් මේ ලිපි පෙලෙන් දැනගන්න ලැබුනා.
ReplyDeleteඋඹ බබා. කමත ගැන තමයි දන්නැත්තෙ.
Deleteඇයි යකෝ අපේ ගම් පැත්තේ තියෙන්නේ තේ වතු විතරනේ. ආශාවට කමතක් නෑ බොල ඒ පැත්තේ.
Deleteහිහ්,
Deleteමේ දේවල් මට වඩා හොඳට දන්න මිනිස්සු ලියන්නෑනේ ඒ ගැන.... උදා- ඩ්‍රැකී
මනෝ,
Deleteබොරු කියන්ඩ එපා. රාවණාගොඩ පැත්තෙත් තියෙනව කුඹුරු. තව පුන්ඩලුඔය පැත්තෙත් තියෙනව.
ඇත්තටම බාගි, අපේ විලියොං ආතට පිංසිද්ධ වෙන්ඩ, අපි කුඹුරු වගාව ගැන එච්චර දෙයක් දන්නෑ. මොකද, විලියොං ආත, අපේ පරම්පරාවෙ ඔක්කොම කුඹුරු විකුණල අරක්කු බිව්ව... ඒකනෙ අපෙ අම්මගෙ තාත්ත තාත්තගෙ දේපළ එහෙම බලන්න ආව වෙලාවෙ අපේ බාප්ප වෙල් යාය පෙන්නල බයක් නැතුව කිව්වෙ, "අර ලියදි - එකක් නෑ සේපාලගෙ" කියල.
හිහ්...
Deleteගොයං කපල එකතු කළාට පස්සෙ ඉතුරු වෙන පඳුරු කෑලි වලිං ගොයම් බට කපාගෙන නලා හදනව. අපේ අසල්වැසි ලප සාන්ති මාම තමයි ඒකට එක්ස්පර්ට්.
ReplyDeleteමේ පැත්තෙ නං පර්මනන්ට් කමත් කීපයක් තියෙනව. අපි පොඩි කාලෙ ලොකු ටැක්ටරෙන් කොළ මඩිනව. පස්සෙ පස්සෙ කුබෝටා එකේ මැසිමෙන් පාගනව. දැං ඔය මොකවත් කරන්නෑ. කොටිම්ම කුඹුරු වැඩ කරන්නෑ.
අර ගොයම් පෑගිල්ල කියවගෙන යද්දි මතක් උනා අඹ යාළුවො නවකතාව. ඒකෙන් ගහපු නාට්‍යයෙ මුල් කොටස් වල තිබුණ ඔය වගේ කොල මැඩිල්ලක්...
Dracky,
Deleteමටත් මතකයි ඒ කොළ මැඩවිල්ල..හැබැයි මට මතක පොඩි කාලෙ කියවපු පොතේ.
සුනිල්ට ඕන වෙනව රෑට කමතෙ නැවතිල නිමල් එක්ක මුත්තෙට්ටුව කන්න. අත්තම්ම එපා කියනව. සුනිල්ගෙ අක්කා මෛත්‍රීට හරි සතුටුයි ඒකට.
"මුත්තෙට්ටූ බැරිවෙච්චී, මුත්තෙට්ටූ බැරිවෙච්චී" එසේ කියමින් මෛත්‍රී තාලයට පඩි නැග්ගාය.
"නපුරු මෛත්‍රී ගොඩ සුද්දී නපුරු මෛත්‍රී ගොඩ සුද්දී" සුනිල් කැඩුනු තැටියක්සේ දිගටම කියෙව්වේය
"නවත්තගන්නව දෙන්නම" අත්තම්මා සැර කලාය.
ටෙලි චිත්‍රපටයෙ අත්තම්මට හිටියෙ රූබි ද මෙල්, අම්මා අනුලා කරුණාතිලක, තාත්තා බුද්ධදාස විතානාරච්චි වගේ මතක.නිමල්ගෙ තාත්තා ගල් බණ්ඩට හිටියෙ හේමසිරි ලියනගේ.
දැන් තමයි මට මතක් උනේ, ඒ පොතේ එහෙම සීන් එකක් තියෙනවා කියලා. මං වැඩියෙන්ම කැමති පොතට... ටෙලි නාට්‍යත් හොඳයි.
Deleteරවි,
Deleteතාත්තට උන්නෙ අශෝක පීරිස්. නිමල් - අශේන් මංජුල, සුනිල් - රසික පෙරේරා.
බාගි,
අන්න නාට්‍ය. ආපහු බලන්න ආසනං මෙන්න -
http://videos.srilankanspuwath.co.uk/watch/36468-amba-yahaluwo-full-teledrama
http://www.lakchannel.co/25629-amba-yahaluwo---full-teledrama.html
ටැංකිව්, ටැංකිව්.... ඒත් ලස්සන මතක සැමරුම් දෙක තුනක් ලියන්න හැකි නම් හොඳයි නේ.
Deleteඔය ගොම්පස් වැඩේට අපි ගොවියන්ට නොමිලේ දුන්නා හොඳ රෙක්සින් බෑග් එකක්. ඒකෙ සුට්ටං බකල් එකක් වගෙ එකකුත් තියනව මීමුංගෙ වලිගෙ මුලට අල්ලල ගැටගහන්ට. මැඩවිල්ල ඉවරවෙලා බෑග් එක අනික් පැත්ත හරවල හෝදල දාන්ට විතරයි තියෙන්නෙ
ReplyDeleteෂික්, ඒ කාලෙ උඹව දන්නවනං දෙයියම්ප දෙනව බෑග් හත අටක්...:)
රවිලාගෙ කාලේ වෙද්දි ට්‍රැක්ටර් තිබ්බේ නැද්ද? මම කියන්නේ මහවැළියේ හරක්ගෙන් ගොයම් පෑගුවා කියලා මට මතක නෑ. අපේ මහවැලි ඉඩම් වල නම් ට්‍රැක්ටර් රාජයා තමයි. ඒ වෙනකොට අර ගමේ කුඹුරේ ෆන් එක අපිට ගන්න ක්‍රමයක් තිබුනේම නෑ ඔය ට්‍රැක්ටර් තඩියා හින්දා.
Deleteඇත්තටමද රවී මහත්තයා මේ කියන්නේ, හැබෑට එහෙම එව්වා තිබුණද?
Deleteසික් දන්නේ නෑනේ මං. නැත්තං ඇවිල්ල හරි ඇරං යන්න තිබුණා.
කුරුමිණියා කියන්නේ මොකාටෙයි?
ReplyDeleteඅනිත්වා ගොයම් කොලේ කතා නම් අපේ පොඩිම කාලේ ගමේ කුඹුරේ කතාම තමයි. දැන් මම හිතන්නේ ඒවා කතා විතරක්ම වෙන්න ඕනේ. කොටින්ම අපේ පොඩිම කාලෙත් ට්‍රැක්ටර් තඩියෝ එන්න ගත්තා නෙව. ඊට කලින් ගුණසේන ඇග්‍රිමෙක් එක අර රතුපාටයි කළුපාටයි ගොයම් ගස් පිටින් කන්නේ. දැන් නම් සුනාමි ද කොහෙදළුනේ.
ඇග්‍රිමෙක් එක පළවෙනියටම අපේ ගමට ආවේ දවස අද වගේ මට මතකයි. ඒ වි කාටු අස්සේ රිංගලා තමයි මම දෙවියන්ගේ ලෙඩ හදගත්තේ. ඒ මදිවට නාන්නත් බෑ අයියෝ අයියෝ...
ලියන්න ගියොත් ගමක කතා තියේ...
කුරුමිණි සීන් එක අපේ ගමට සුවිශේෂයි. ඒකේ ඇත්ත නම මං දන්නේ නෑ.හොයා ගත්ත ගමං පින්තූරයක් දාන්නම්.
Deleteලස්සන අත්දැකීම් ටිකක් ලියන්නකෝ. කියවන්න කැමති අයට.