හ්ම්ම්ම්ම් මෙනු එක
මෙන්න මෙහෙමයි ළමයි......
·
කොල්ලු - ( ඌව පළාතට ආවේනික ආහාර වර්ගයකි.
කුරහන් තලප ආහාරයට ගැනීමේදි බහුලව මෙම ව්‍යාංජනය සකස් කරයි.)
·
කිරිකොස්
·
පොළොස්
·
මඤ්ඤොක්කා කොළ මැල්ලුම
·
පොල් සම්බෝල
·
කරවල / හාල්මැස්සන්
බැදුම
·
මඤ්ඤොක්කා අල ව්‍යාංජනය
·
පරිප්පු
·
වට්ටක්කා
·
ලුණු මිරිස්
මේ වර්ග වලින් දෙකක්
නැත්නම් තුනක් අනිවාර්යයෙන් තියෙනවා. මඤ්ඤොක්කා කොළ මැල්ලුමයි පරිප්පුයි තමයි මේ වර්ග වලින් මං ආසම. පැලේ වාඩි වෙලා
කනකොට පුදුම රහයි. ඒ වෙලාවට මහන්සි වෙලා ඉන්න නිසා බඩගින්න උපරිමයි. කෑම රහට
දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.
තමන්ගේ කුඹුරෙ ගොයම්
හදන්න කලින් වෙන අයගේ කුඹුරු වැඩ කරනවානම් ඒකට උදව්වෙන්නත් යනවා. තව තමන් කුඹුරු
වැඩ කරන්නේ නැතත් අනිත් අයට සහයෝගය දෙන්න යනවා. ඒ වගේම තමන්ගේ කුඹුරු වැඩ වලට එන
හැමෝගෙම කුඹුරු වැඩ වලට උදව් කරන්න යනවා. මේ ක්‍රමයට තමයි අත්තම් ක්‍රමය කියන්නේ. පහුගිය
පෝස්ට් එකේ, අහසෙන් බට කසුන් ඒ ගැන විමසලා තිබුණා. අපේ මව්තුමී ගිය අවුරුද්දේ උදව්
කරපු අයගේ, ඊට කලින් අවුරුද්දේ උදව් කරපු අයගේ, ඊටත් කලින් අවුරුද්දේ උදව් කරපු
අයගේ, ඊටත් ඊට කලින් අවුරුද්දේ උදව් කරපු අයගේ පැමිණීම් මතක තියාගෙන ඉඳලා ඒ අයට
උදව් වෙන්න යනවා. නොආපු උදවියගේ, නොයන එක හරි නෑනේ පුතේ කියලා උදව් වෙන්න
යනවා. තව සමහර වෙලාවට, ඒ මිනිස්සුන්ගේ හරිම හිත හොඳයි කියලා උදව් වෙන්න
යනවා. ලොකු අම්මලාගේ, නැන්දලාගේ කුඹුරු වැඩ වලට උදව් කරන්න ආව අයටත් උදව්වට
යනවා.............
එහෙම ගොහිල්ලා මුළු
ගමටම උදව් වෙන්න යනවා. අපේ අම්මා විතරක් නෙවෙයි බහුතරයක් ගමේ උදවිය එහෙම තමයි. ඒ
නිසා ඇත්තටම ඒ වැඩේ තියෙන බරපතලකම අඩු වෙනවා. තවානෙන් ගලව ගත්ත පැළ ටික මුළු
කූඹුරටම පැතිරිලා යන විදිහට ගිහින් තියන්න ඕනේ. පැළ මිටි කොළ වලින් අල්ලගෙන, ගිහින් දාන්න ඕනේ. මුළු කුඹුරෙම ඇවිදින්න වෙන
නිසා ටිකක් අමාරු වැඩක්. හවස් වෙද්දී කකුල් දෙකට බාම් සරණයි තමයි. මමත් මේ වැඩේ
පටන්ගන්න අවස්ථාවට සක්‍රීයව දායක වුණත් අවසන් කරන්න නම් දායක වෙලා නෑ. ඒ තරමට
අමාරුයි වැඩේ.
ඊළඟට ඉතින් පැළ
සිටුවිල්ල. එක ලියද්දකට හතර දෙනෙක් / පස් දෙනෙක් විදිහට බෙදිලා ගිහිල්ලා පැළ සිටුවීම ආරම්භ
කරනවා. ඉහතින් දැක්වෙන්නේ පැළ සිටුවන දර්ශනයක්. මේ වෙලාවෙදිත් කුඹුරු අයිතිකාරයා මුල් වෙන එක තමයි සිරිත. වැඩේ කොහොමහරි රෑ
බෝවෙන්න කලින් ඉවර කරනවා කොයි කවුරුත් එක්ක එකතුවෙලා. අපි වගේ හිච්චි ඈයෝ ( ඒ කාලේ
) එක පුංචි ලියද්දක පැළ හිටවන්න එකතු වෙනවා. කියන්න දෙයක් නෑනේ අපේ පැළ සිටුවීම
සම්බන්ධව.......
මං එකොළහ වසරේ ඉන්නකොට
අපේ තාත්තායි අම්මායි දෙන්නම අසනීප වුණා. තාත්තා බයික් අනතුරක් නිසා මාස තුනක්
විතර වෙද මහත්තයෙක් ළඟ ඉන්නකොට අම්මවත් හදිසි ශල්‍යකර්මයකට ලක් කළා. ඒ වෙද්දිත්
කුඹුරු වැඩ කරන්න, වී තවන් දාලා තිබුණේ. වට් ටු ඩූ, අපේ ගෙදරින් පැළ හිටවන්න
අත්තම් වලට යන්න උන්නු එකම එකා මම. බැරිමරගාතේ වුණත් මම අපේ ඥාති වුණු, අපිට
උදව්වෙන හැමෝගෙම වගේ පැළ සිටුවීමට සහභාගී වුණා. වැඩිහිටි අයට වගේ ඉක්මනින් පැළ
හදන්න බැරි වුණත් මමත් ඒ වැඩේ හරියටම කරලා තියෙනවා කියලා මතක් වෙද්දිත් මට
සතුටුයි. මගෙන් අත්තම් වලට සහභගී වීමක් බලාපොරොත්තු නොවුණු අපේ ගමේ අය, එදා දක්වපු
සහයෝගය ගැන ඇත්තටම මට සතුටු හිතුනා. වෙනදටත් වැඩිය කුඹුරු වැඩ වලට උදව්වට එදා
පිරිස එකතු වුණා. ඒ දවස් ටිකේ හැමතිස්සෙම අපි ගැන හොයලා බලපු බහුතරයක් අය වගේම තාත්තාගේ
රස්සාවෙන් ජීවත් වුණු අපි ඒ කාලේ කෑවද බීවද කියලවත් ඇහුවෙ නැති සුළුතරයක් දෙනාත්
හිටියා කියන එක මට මතකයි. මේ අවුරුද්දේ තමයි පැළ ගලවන්න ගිහිල්ලා මගේ අත් දෙකේ පිට
හම ගැලවිලා ගිහින් තුවාල වුණේ. කුඹුරු වැඩ කරද්දී ගතට උපරිමයෙන්ම මහන්සි දැනුනත්,
හිතට පුදුම සැනසීමක් ලබන්න පුළුවන්. ඒක මං අත්දැකීමෙන්ම කියන්නේ. පැළ ගලවන්න වගේම
හිටවද්දිත් දවසම වතුරෙ බැහැගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් කුඹුරු යායට තදින් අව්ව
පායනවා. වෙල් යාය මැද ගස් බොහොම හිඟ නිසා දවසම අව්වේ. ඉතින් පහුවදාට හෙම්බිරිස්සා
උණ.....
මේ විදිහට පැළ ටික
හිටවලා දවස් තුනක් හතරක් යනතුරු කුඹුරේ තෙතමනය රැඳන්න ඕනි. ඉන් පස්සේ පැළේ
වැහෙන්නේ නැති තරමට ( අඟලක් / එක හමාරක් වගේ ) කුඹුරට වතුර හරවන්න ඕනි. සති තුනක්
වගේ ගතවෙද්දි කුඹුරෙ වල් පැළ හටගන්නවා. වල් මර්ධනය වගේම කෘමි පළිබෝධකයින් පාලනයත්
සිදු කරන එක වැදගත්. පැළේ හොඳට වැඩෙන්න අවශ්‍ය කරන පෝෂක වර්ග පොහොර ලෙස යෙදීම
වැදගත්. දිනපතා කුඹුරේ වතුර රැඳෙන එක වැදගත්. මාස තුනක් විතර යද්දී ගොයම් කරල්
පීදෙන්න පටන් ගන්නවා. මේ කාලෙදි ගොයම් මැස්සා, පුරුක් පණුවා වගේ පළිබෝධකයින්ගෙන්
වගාවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පළිබෝධ පාලනය සාර්ථකට සිදු කරන්නම ඕනේ. කරල් පීදිලා මාසයකින් පස්සේ කරල් කිරිවැදීම
සිද්ධ වෙනවා. කිරි වැදිලා මාසෙකට විතර පස්සේ කරල් රන්වන් පාටින් බැබළෙන්න
ගන්නවා...
අස්වනු නෙලීම ඇතුළු
විස්තර ඊළඟ පෝස්ටුවෙන් ගෙන එන්නම්...
එතෙක් ඔබට ජය !!!
කොහොමද මං එක වෙච්ච හැටි. එක වෙන්නමයි මෙච්චර රෑ වෙනකල් ඇහැරං හිටියෙ. හැක් හැක්...
ReplyDeleteඔය වැඩ ඉවර උනාම තියෙන සතුටනම් කියල වැඩක් නෑ. මම කාලෙකින් වෙලකට බැහැල නෑ. ඒත් ගොයම් කැපුවම තියෙන ගොඩ වැඩ කරනව. ඒ කියන්නේ ගෙදර හිටියොත් වී හුලං කරන්න උදව් වෙන එක, මලුවලට පුරවන්න, අට්ටි ගහන්න උදව් වෙන එක වගේ වැඩ. සිංහලයට වී මල්ලක් ඇති මැරෙන්න කියනවනෙ. මේ කුඹුරු වැඩ කාලෙට ඒ තරමට ම මහන්සි වෙන්න ඕනෙ.
//පහුගිය පෝස්ට් එකේ, අහසෙන් බට කසුන් ඒ ගැන විමසලා තිබුණා.//
හිටුකො, හම්බුන දවසක බලාගමු. නැහ්නං කොමෙන්ට් එකකින්වත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරනව.
හයියෝ මං පව් අෆ්ෆා.... හිකිස්... බොරු නෙවෙයි ඉතිං මං කීවේ. හරිනං ඔයාව මතක් කළ එකට ස්තූති කරන්නයි ඕනේ, හා නැද්ද? හිහ්....
Deleteස්තූතියි පැමිණියාට.
දැං නං මචී සෑහෙන්න වෙනස් ක්‍රම තියේ නෙව තවාං කොරන්ට එතකොට පැල හිටුවන්ට. ගොයම් ගලවනවටයි නැවත හිටුවනවටයි දෙකටම අපි කියන්නෙ නෙළුම් කයිය කියල තමා හිටං හිහි.
ReplyDeleteමේ දවස් වල බැපොක් පැරෂුට් වගේ ක්‍රමත් ගොයම් පැළ සිටුවන යන්තරෙන් ගොයං සිටුවිල්ලත් ජයටම කෙරෙන හිංද අත්තම අභාවයට යමින් තියෙන්නෙ. ඒත් මේ සාවියට තාම ඒ ලෙඩේ ජයටම බෝ වෙලා නැති හිංද තව කාලයක් අත්තං ක්‍රමය රැකෙයි කියල හිතනව.
අත්තං යනේකේ මං ආසම පාට් එක මක්කද දන්නවද
දවල් කෑමයි උදේ තේකයි හැක් හැක්
හ්ම්ම්ම්ම්....සාම්ප්‍රදායික වගා ක්‍රම සීඝ්‍රෙයන් අභාවයට යනවා වගේ දැනෙනවා.
Deleteමාත් කැමතිම ඒ පාර්ට් එකට තමයි...
:D
ReplyDeleteසා රස තුමා මක්කැයි මේ හිනාවෙන්නේ ???
Deleteඅදහසක් නැතෙයි මගේ මේ ලිපිය ගැන ???
අපේ පැත්තේ ගොයම් වගාව කිව්වට රටේ හැම තැනම වගෙ ඒ දවස්වල ඔය වැඩේ කෙරුනෙ ඔහොම තමයි බොල...හෙහ්,හෙහ්,
ReplyDeleteහිහ්... ඔව් වෙන්නැති.
Deleteඅපේ පැත්තේ ඔයිට වැඩිය වෙනස් පැල හිටවන්නේ නෑ..
Deleteබිත්තර වී ටික හවස ගගේ තියලා තියලා උදේ පාන්දර ගොඩට ගන්නවා.ඊට ප්ස්සේ හොද බර කලු ගලක් වී එක උඩින් තියෙනවා. ඊට පහුවෙනිදා වෙනකොට පැලවෙච්චි වී ටික අව්වට වේලෙන් නැති තැනක් තුනී කරනවා. එහෙමත් දවසක් තියලා පහුවෙනිදා වී ටික අරන් කෙලින්ම කුඹුරට පැතිරිලා යන්න ඉසිනවා. (වපුරනවා)
එක එක පැතිවල සුලු සුලු වෙනස්කම් තියෙනවා.
වී වපුරන විදිහ මං දැකලා තියෙන්නේ රූපවාහිනියේ විතරයි..
Deleteබාගි මුල ටික විවේකයෙන් ලියාගෙන ඇවිල්ල, පැල හිටෙව්වට පස්සෙ ෆාස්ට් ෆෝවඩ් කරල කියලයි පේන්නෙ.
ReplyDeleteහෑ.... අවුල් ද සෑහෙන?? එතනින් එහාට කොහොමත් එහෙමතමයි නේ, නැද්ද? ලියන්න තරම් දෙයන් නෑ වගේ..
Deleteඅවුල් නම් සොරි වෙන්ඩෝනේ කස්ටිය. ඊළඟ කොටහ හෙමින් සීරුවෙ ලියන්නම්කෝ, ඩ්‍රැකියෝ තවදුරටත් මෙවන් අදහස්, උපදෙස් පතමි. ස්තූතියි.
එහෙම අවුලක් නෑ, බාගි. නිකං දැක්කට කිව්වෙ.
Deleteනරකෙයි අර ගොයම රැක බලාගන්ඩ කරන කෙම් ක්‍රම, බේත් එහෙම ගැන ලිව්වොත්?
ReplyDeleteඅන්න ඒවත් ලිව්වොත් මරු ඉස්සර අය මරු මරු වැඩ කරලා තියෙන්නේ..
Deleteගොයමට අදාල රස කතාත් ගොඩක් තියනවානේ.. ඒ පැත්තේ තියෙන ඒවත් කියන්න..
එවිවා දන්නේ නෑ මං, මං මේ හිච්චි එකා වෙච්චි. ( ඒ කාලේ, හිහ් ) මං කොහොමද අනේ ඕවා දන්නේ.. රස කතා මතක් උනොත් ලියන්නම්.
Deleteඅපි ඉස්සර ගොයම් හදන්න ගියාම, කට්ටියත් එක්ක එකටම හදන්න ලියද්දට බහිනව. ඒකල්ල හදාගෙන හදාගෙන එනව.... එතකොට නැවිල ඉදලම එපා...ආ... වෙනව, එතකොට මමයි ගාමිණියි (ගාමිණී කියන්නෙ ලග ගෙදරක මල්ලි කෙනෙක්) ගිහින් පිටිපස්සෙන් හදනව ඉස්සරහ ඉදන් හදන් එන අයව කොටුකර ගන්න... හික් හික් හික්...
Deleteමම ගොයම් පැල ගලවන්න නම් යන්නෙම නෑ. පැල කැඩෙන්නැතිව ගලවන්න අමාරු නිසා.
Deleteමරු ගොයම් හැදිල්ල... හිහ්.
Deleteමේ මාසේ අපේ කුඹුරෙත් ගොයම් කපනවා.. ඔය දානවැයි කියපු අස්වැනු නෙලීම පෝස්ට් එකත් එක්ක අපේ පැත්තේ අස්වැනු නෙලන හැටි මරුවට සසදන්න පුලුවන්.
ReplyDeleteඅපේ පැත්තෙත් එකම සැරයක් ඔය විදියට පැල හිටෙව්වා. ගං වතුරක් ඇවිල්ලා අපේ කුඹුරු ටික යට උනා. ඒකෙදි තැනින් තැන ගොයම් පැල මැරුන ඒ තැන් වලට තමයි ගොයම් පැල හිටෙව්වේ..
අගේ ඇති විස්තරයක්..භාගයා.
බලන්න එන්න හිතෙනවා.... අත්දැකීම ලියමු. ජය වේවා !!!
Deleteඇත්තටම අධ්‍යාපනික වැදගත්කමක් ඇති පෝස්ටුවක්... මේවා වැදගත් අදකාලේ මොකුත් නොදැන හැදෙන ළමයින්ට... මේ තමා පුතේ කුඹුරු කෙරුවාව කියලා පෙන්නන්න....
ReplyDeleteඔව් අපේ ගමේ, මට වඩා බාල අය ටික දෙනාටයි මේ අත්දැකීම් තියෙන්නේ, මේ වගේ අත්දැකී්ම් මට තියෙන එක ගැන මං හුඟක් සතුටු වෙනවා.
Delete//අපේ ගෙදරින් පැළ හිටවන්න අත්තම් වලට යන්න උන්නු එකම එකා මම. බැරිමරගාතේ වුණත් මම අපේ ඥාති වුණු, අපිට උදව්වෙන හැමෝගෙම වගේ පැළ සිටුවීමට සහභාගී වුණා. //
ReplyDeleteමේක අහද්දි මගේ ඇස් වලට කදුළු ආවා. මේ පුංචි කෙල්ලෙ කොහොමද අත්තම් වැඩ වලට ගියේ කියල... මට මතකයි ඒ දවස් වල ඔයාලට තිබුන කරදර...
අපි හැමෝගෙම ජීවිතේ අට ලෝ දහමින් වට වෙලා තියෙන්නේ..
Deleteපැල අහුරක් වමත තියන්
ReplyDeleteතුන හතරක් දකුණු අතින්
තියං තියං යන්නේ...එ..
ආයිත් තියං තියං යන්නේ
කයියට තැන්කූ. ලස්සනයි අක්කියෝ.
Deleteහායි
ReplyDeleteදිග කොමන්ටුවක් කොටන්න වෙලාව මඳි.
ඔන්න අපිත් ඇවිත් ගියා.
හායි
Deleteෙහාදමයි ෙහාදමයි
අාවට ස්තූතියි, අායෙමත් ඒන්න.
බායි
අපි පොඩි කාලෙ කුඹුරක චිත්‍රයක් අඳින්න කිව්වහම ලියදි බර ගාණක් අඳිනව. එව්වයිං එකක හානව අඳිනව, තව එකක වපුරනව, තව එකක ගොයං වැවිල තියෙනව අඳිනව. තව එකක ගොයං කපනව අඳිනව. නියර දිගේ ගොයං මිටි ගෙනියනව අඳිනව. කුඹුර අයිනෙ කමතක ගොයං පාගනවත් අඳිනව. ඔක්කොම එකම චිත්‍රෙ. ටිකක් අවුල් වගේ හිතුනට, ආසාවටම එහෙම අඳිනව.
ReplyDeleteමලාට චිත්‍ර අදින්න බෑ මටනම්...
Deleteඒ්ත් මං චිත්‍ර වලට අාසයි.
හොඳ විස්තරයක් ස්තූතියි
ReplyDeleteපැමිණියාට ස්තූතියි
Deleteකොල්ලු අපේ පැත්තට විතරක් ආවේනික කියල ඇහුවේ අද.වැඩේ හොදයි දිගටම කරගෙන යමු .
ReplyDeleteඑක දැනගන්න වටින දෙයක් තමයි. සමහරුන්ට කීවොත් අපි කොල්ලු කනව හරි කෑව හරි කියල. 'ඊය කොල්ලු කනවද? ඒව දෙන්නේ අශ්වයින්ටනේ' කියල කියනව. එහෙම කවුරුහරි කියද්දි තමයි මාත් දැනගත්තෙ අපි වගේම අශ්වයොත් කොල්ලු කනව කියල... හික් හික් හික්
Deleteකොල්ලු එක්ක බත් බුදින්න නම් හොඳට පුළුවන් නේද මලේ, හිහ්...
Deleteනැතුව නැතුව
Deleteඔන්න නඟෝ ඔයාගෙ ලිපි පෙළ කියවද්දි මට කවි පෙළක්ම හිතට ආවා. ඉතින් ඔයාගෙ ලිපිවලට පොඩි ප්‍රචාරයක් විදියට ඒ කවි ටික අපූරුමල් ගත කළා. බලන්නකෝ පඅපි දෙන්නම කියන්නෙ එකම කථාවක් ගැනද කියල...
ReplyDeletehttp://apoorumal.blogspot.com.au/2016/02/blog-post_19.html
මරු අනේ ඔයාගේ කවි හැදිල්ල නම්, ජය වේවා !!!
Deleteකොල්ලු කියුවම මතක් උනේ.. අපේ 'නෝනලා අහ' උන් හිතන් ඉන්නේ කොල්ලු කියන්නේ අස්සයන්ට කන්න දෙන කෑමක් කියල.. :)
ReplyDeleteඔය ගැන ගොඩක් දෙනෙක් මගෙන් අහලා තියෙනවා. අස්සයන්ට කන්න දෙන්නේ මොනවද කියලා හරියටම දන්නේ නෑ කියලා මං උත්තර දෙනවා. හිහ්...
Delete