කාලෙකින් වැස්සක් වැටිලා
හැමතැනම සිරියාවයි
වටපිටේ දූවිල්ල හේදිලා
ගිහින්
මැලවිලා තිබුණු ගස් කොළන්
ඔක්කෝටම
අමුතු පණක් ලැබිලා
මෙහෙම ඉඳලා බෑ
පරිසරයත් එක්කම මාත් refresh වෙන්න ඕනේ
පාරේ තිබුණු වතුර වලක් උඩින්
පනින ගමන් මං හිතුවා.
ගිය සතියේ submit කරන්න
දුන්නු assignment එක
තාම මේසේ උඩ.