ස්ථානය :- බස් රථය
වේලාව :- පෙ.ව. 6.40
මම :- අනේ මල්ලී බෙල් එක ගහන්න, ඉක්මනට
බහිමු. මට බදුල්ල බස් එක මිස් වෙයි.
මල්ලී :- බලාගෙන බහින්න, ඔතනින් ඉක්මනට
අයින් වෙන්න.
අම්මෝ............... ඒ
බල්ලෙක් නේද? බලනවා හලෝ දවසම ඉවරයි.
මම :- මල්ලී මං යන්නම් එහෙනම්, ඔයා
පරිස්සමට ක්ලාස් එකට යන්න. බුදු සරණයි.
මල්ලී :- හරි හරි පරිස්සමින්, බලාගෙන පාර පනින්න.
ස්ථානය :- බස් නැවතුම්පොළ
වේලාව :- පෙ.ව. 6.45
මම :- ගුඩ් මෝනින් අංකල්
කැරලි කොණ්ඩයක් තියෙන,උසඅංකල් :- ගුඩ් මෝනිං මිස්, දැක්කද පාන්දරම බල්ලෙක්ද කොහෙද , කපුටෝ
දහයක් පහලොවක්ම වටවෙලා.
මම :- ඔව් පව් අසරණ සතා. කවුරුත් අයින්
කරල නෑනේද, මටත් කැරකිල්ලට වගේ ආවා දැක්ක ගමන්.
කලින් දැකල නැති අත්තම්මා කෙනෙක් :- අපි කාටත් අන්තිමේ ඔය ටික තමයි
සිද්ධ වෙන්නේ, අපේ අවසානය කොහොම වෙයිද කව්ද දන්නේ
කැප් එකක් දාන, මිටි අංකල් :- ඔය බල්ලව මං දැකල තියෙනවා කළින්
දවසක. මූණ ඉතිරිවෙලා තියෙන නිසා අඳුන ගන්න පුළුවන්, ලස්සන බල්ලෙක්, පව් අසරණ
තිරිසනා. අයිතිකාරයෙක් නැද්ද කොහෙද,
මම :- අම්මෝ මම නම් ආයෙත් බලන්න ගියේ නෑ,
අයින් කරන්නැද්ද දන්නෑ.
කැප් එකක් දාන, මිටි අංකල් :- ( තරමක ආවේගයෙන් ) අයින් කරන්නේ
කවුද මිස්,අයින් කරන්නේ කවුද , දැන් කාලේ කවුද හරියට තමුංගේ රස්සාවවත් කරන්නේ, තාම
අටවත් වෙලා නෑනේ, ඊට කළින් වැඩට එන්නේ කවුද, නගර සභාවෙ කට්ටියත් තාම වැඩ පටන්ගෙන
නැතිව ඇති.
කැරලි කොණ්ඩයක් තියෙන,උස අංකල් :- ඒක නං ඇත්ත, හරියට රාජකාරි කරන්න
පැකිලෙන්නේ, දැන් තියෙන දේශපාලන අතපෙවීම් වැඩි නිසා. නැද්ද මිස්,
මම :- ( මඳ සිනාවක් සමඟ ) අංකල් 6.50 බස්
එක ගියාද?
කැප් එකක් දාන, මිටි අංකල් :- තාම නෑනේ, බලන්න ඉතින් වෙලාවට බස්
එකක්වත් වැඩ කරනවද මේ රටේ, මනුස්සයෙක් හරියකට රාජකාරි කරනවාද, නෑ,
....................බ්ලා ..........බ්ලා........... ...
..........................................................................................
කැරලි කොණ්ඩයක් තියෙන,උස අංකල් :- ඇත්ත, මිස්ට කතාව ඇත්ත.අද රටේ හැමතැනම....................බ්ලා
..........බ්ලා..............
..........................................................................................
වේලාව :- පෙ.ව.6.55
මම :- අංකල් බස් එක ආවා. යමු නේද ??? (
පව් බල්ලා )
කැප් එකක් දාන, මිටි අංකල් :- හ්ම්................. යමු යමු.
අසරණ සතා.